gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ජැක්සන් දවස් 500යි.. එත් අවුරුදු දෙක තුන ICU BED වල ඉඳලා සුවය ලබපු අය ලක්ෂ ගාණක් ඉන්නවා” – තරුණයෙකු ලොවට කියන කතාවක්!

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

කෙසේ වෙතත් ඔහු පිලිබදව පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වූයේ මෙරට ප්‍රධාන රෝහල සතු දැඩි සත්කාර ඒකකයක ඇදක් එක රෝගියෙකු වෙනුවෙන් වසර එකහමාරකට වැදී කාලයක් වෙන්කර තැබිම පිළිබඳවයි.

මේ පිළිබඳව තරුණයකු සමාජ මාධ්‍යයේ සටහනක් පළකර තිබෙනවා.

එම සටහන පහතින්,

”අවුරුදු 27ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ Emirates ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?

ඔහු Munira Abdulla, හේතුව Car accident එකක්.

අවුරුදු 29ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ කැනේඩියානු ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?

ඇය Annie Shapiro , හේතුව හදිසි මොලේ විශාල ප්‍රදේශයක නහර පිපිරීමක්.

අවුරුදු 8 ක් පුරා ICU bed එකක Coma තත්වයේ ඉඳල සුවය ලැබූ ඇමරිකානු ජාතිකයකු ගැන ඔබ අහල තිබුනද.?

ඔහු Gary Dockery, හේතුව Police සේවයේ සිටියදී වෙඩි වැදීමක්.

මේ වගේ අවුරුදු දෙක තුන Coma තත්වයේ ඉදල සුවය ලැබූ ලක්ෂ ගානක් ලොව පුරා හමුවෙනව.

මේක ශ්‍රී ලංකාව, සම්පත් ඉතාම සීමිතයි.

එතෙක් මෙතෙක් පැවති ජඩ දූෂිත දේශපාලනය විසින් රටට අත්කර දුන් තත්වයක්.

සිය ගණනක් රෝගීන් තමන්ගෙ ජීවිතයත් මරණයත් අතර දරුණු ප්‍රශ්නයක අතරමං වෙනවා.

ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් මැරෙන අන්තිම තත්පරයෙදිත් තවත් තත්පරක් ජීවත් වෙන්න සටන් කරනව.

අද ජැක්සන් ඇන්තනි නම් අග්‍රගන්‍ය කලාකරුවගේ ජීවන සටන පරාද නැහැ,

රටක් ජාතියක් විදියට අපි පරාදයි.

ඔහු කලා ගාරයක්, විශ්වවිද්‍යාලයක්, වෙනම රසක් තිබුන කාල පරිච්ඡේදයක්.,

මේ අඩුව කිසි කෙනෙකුට පිරවිය නොහැකි හිස් බවක්..

යුගයක් හැඩ කල, අපේ ළමා කාලය,තරුණ කාලය රසවත් කල ඔබට,

බොහෝම පිං….”
සුරංග විදානගේ ලංඩනයේ සිට
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka