සුෂුම්නාව බිඳී යෑමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් සම්මානනීය ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ මරණය සිදුව ඇති බව මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා ඊයේ (09) නිගමනය කෙළේය.
මරණ පරීක්ෂණයෙන් පසු දේහය භූමදාන කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ වැඩිමහල් පුත් අකිල ඇන්තනී මහතාට බාර දෙන ලෙස කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා මරදාන පොලිසියට ඊයේ (09) නියෝග කෙළේය.
ඒ මහතා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවය.
ඊයේ අලුයම 2.45ට පමණ මිය ගිය ජැක්සන් ඇන්තනී මහතාගේ මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා විසින් පැවැත්වූ අතර, ඒ සඳහා ජැක්සන් ඇන්තනී මහතා 2022 වසරේ ජූලි මස 22 වැනි දා මුහුණ දුන් හදිසි අනතුරෙන් පසුව මාස 14කට අධික කාලයක් ප්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් සිදු කළ ප්‍රතිකාර සටහන් ඉදිරිපත් කර තිබුණි.
ඒ මහතාගේ ඇඳ ඉහපත් අංකය යටතේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රතිකාර සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. ආර්. ඒ. එස්. රාජපක්ෂ මහතා ඥාතීන් දැනුවත් කළේය. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතාගේ නියෝග මත හදිසි මරණ පරීක්ෂණය පැවැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇන්තනී මහතාගේ වැඩිමහල් පුත් අකිල ඇන්තනී මහතාගේ සහ එම අනතුර ඇසින් දුටු ජැක්සන් ඇන්තනී මහතාගේ පුද්ගලික සහකාරවරයාගෙන් ද සාක්ෂි සටහන් කර ගනු ලැබීමෙන් අනතුරුව දේහය මුදා හැරීමට නියෝග කෙරිණි.
පැය තුනහමාරකට අධික කාලයක් පැවැති මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය මුදාහැරුණු අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මරදාන පොලිසියේ ස්ථානාධිපති ඒ.ජී.අයි.කේ. ඇපලකොටුව මහතා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල් පොලිසියේ පොලිස් කොස්තාපල් සමන්ත (49602) මහතා සාක්ෂි සටහන් කරනු ලැබීය.
ජැක්සන් ඇන්තනී මහතා අනතුරට මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා දිනමිණට පැවැසීය.