gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පෙට්ටියේ දාලා ගෙනාවම මම පැය ගාණක් ඇඬුවා – ගිහින් එන්න බ්‍රැන්ඩෝ” – ජැක්සන් ගැන දමිතා පරණ මතක අවුස්සමින් සංවේදී වෙයි (VIDEO)

ප‍්‍රවේගය චිත‍්‍රපටයේ ජැක්සන් ඇන්තනී මහතා මිනී පෙට්ටියේ දමා ගෙනා පසු තමන් පැය ගානක් හඬා වැටුණු බව රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළා.

ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඇය මෙම අදහස් පළ කළා.

රංගනයකදී හෝ ජැක්සන් ඇන්තනි මහතා මේ ආකාරයෙන් දැකීමට තම කැමැත්තක් නැති බවද ඇය සඳහන් කර සිටියා.

ජැක්සන් ඇන්තනි මහතාට සිදු වූ දෙය කිසිම කෙනෙකුට නොවිය යුතු බව තම ප්‍රාර්ථනාව යයිද ඇය කියා සිටියා.

ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සම්බන්ධයෙන් අද මුළු රටම දුක් වෙන බවත් පැවසූ ඇය ජැක්සන් ඇන්තනි මහතාට සුව නින්දක් සුබ ගමනක් ප්‍රාර්ථනා කරන බවද කියා සිටියා.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka