gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු 12 වැනිදා! ‌රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී!

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 12 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.

අවසන් කටයුතු එදින පස්වරු 03.00 රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

‌2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) අළුයම ජීවිතක්ෂයට පත්වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka