'ඉරාජ් වීරරත්න' කියන්නෙ සංගීතයේ වෙනස්ම 'මානයන්' හොයාගෙන ගිය අතිශය 'නිර්මාණශීලි' දක්ෂයෙක්. (ඒ ගැන කොහෙද විවාදයක්...)
එහෙම වුණත්, ඒ 'අතිදක්ෂතමයා'ගේ දේශපාලන 'ආගමනයත්' එක්ක ඔහුට 'ප්‍රිය රසික සමාගම' ඔහුව ප්‍රතික්ෂේප කර හරින්නට වුණා.
'ඉරාජ්' ඔහුගේ දේශපාලනය ඇතුළේ 'දිගින් දිගටම' අන් පාර්ශව වෙත පහර දෙන්න ඔහුගේ 'නිර්මාණ' යොදා ගත්තා.
'ඉරාජ්'ට එරෙහි 'විරෝධය' ජනතාවගෙන් ම පමණක් නොවෙයි, ඉන් එහා 'කලාකරුවන්' පවා ඉරාජ් සමඟ එකම 'වේදිකාවකට' ගොඩ වෙන්න 'අකැමැති' වුණා.
මෑතක ඔස්ට්‍රේයාවේ ප්‍රසංගයක් සඳහා ඔහුව 'එපා' යැයි කියමින් පිරිසක් සමාජ මාධ්‍ය හරහා දැවැන්ත 'විරෝධයක්' අරඹලා තිබුණා.
එහෙම වුණත් 'ඉරාජ්' ඒ ප්‍රසංගයට සහභාගී වී තිබුණා. (ඒ වගේම දැවැන්ත රසික ප්‍රසාදයක් දිනාගන්නත් ඔහුට අවකාශ සැලසී තිබුණා....)
ප්‍රසංගයෙන් අනතුරුව 'ඉරාජ්' ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමටත් වීඩියෝ පටයක් එක් කර තිබුණේ, 'සටහනක්' ද සමඟිනු යි.
'මට මොනතරම් දේවල් කරාද මේක නවත්වන්න එක්තරා පිරිසක් ? 10,000ට ලං වෙන්න පෙත්සමක් අත්සන් කරලා…#BoycottIRAJ කියලා Hashtag එකක් හදලා…ඔස්ට්‍රේලියානු රජයට මම ත්‍ර-ස් ත වාදියෙක් කියලා රටට එන්න දෙන්න එපා කියලා සිය දාස් ගනන් ලියුම් යවලාConcert organizers ලාට තර්Jන ය කරලා Show එක නවත්වන්න කියලා…Show එක තියෙන Club වලට Email දාලා මේක කරන්නදෙන්න එපා කියලා…අන්තිමට මොකද වුනේ?'
ඔස්ට්‍රේලියානු රජයට මම ත්‍රස්තවාදියෙක් කියලා රටට එන්න දෙන්න එපා කියලා - විරෝධය මැද ඔස්ට්‍රේලියානු ප්‍රසංගයකට ගිය ඉරාජ්ට අත්වූ ඉරණම
2023-10-10T08:43:00+05:30
Gossip Lanka Hot News