gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“හිරුණිකා කැමැති නෑ මම දේශපාලනයට එනවට… ඡන්දෙ ඉල්ලනවා කිව්වත් බනිනවා” – කලකට පසු හඬ අවදි කරන හිරාන් යට්ටෝවිට

දේශපාලන භූමිකාව තුළ වැඩි වශයෙන් මේ දවස්වල කතාබහට ලක්වෙච්ච කාන්තා නියෝජනයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ.

ඇය හැමදාමත් දේශපාලනය තුළින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙච්ච නිරන්තරයෙන්ම කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

රූපයෙන් බොහෝම ආකර්ෂණීය චරිතයක් වන ඇය සෑම අවස්ථාවකදීම අභියෝගාත්මක අවස්ථාවන් බාරගත් කාන්තාවක්.

ඇයගේ පියාගේ අභාවයෙන් පස්සේ තමයි ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ.

තනි ගැහැනියක් විදිහට පියාගේ මරණයට සාධාරණත්වයක් හොයපු ඇය අදටත් තමාගේ ලෝකයේ පූර්වාදර්ශි චරිතයක් බවට පත් කරගෙන ඉන්නේ තාත්තා.

හිරුණිකා ගැන කතා කරද්දී ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයේ අති දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් සමඟයි.

මේ වන විට ඔවුන්ගේ කැදැල්ලට ආදරණීය  දුවාදරුවනුත් එකතු වෙලා හරිම සැහැල්ලුවෙන් සතුටින් තමයි හැමෝම ජීවත් වෙන්නේ.

නිතර දකින්න නොලැබුණාට මොකද ලේසියෙන් අමතක වන චරිතයක් එහෙම නෙවෙයි හිරාන් යට්ටෝවිට.

ඔහු ඉතාමත් දක්ෂ නිරූපණ ශිල්පියෙක්.

ඒ වගේම තමයි හිරාන් දක්ෂ රංගන ශිල්පියෙක්.

දක්ෂතාවය, හැකියාව සහ සිය ආකර්ෂණීය පෙනුම එක්ක කලා ක්ෂේත්‍රයේ නම රැන්ඳූ ඔහු දේශපාලනයටත් නෑකම් කියන චරිතයක්.

ඒ ඔහු මෙරට දේශපාලන භූමිකාව තුළ ප්‍රබල කාන්තා නියෝජනයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා වීම නිසාවෙන්.

විවාහයත් එක්ක හිරාන්ව දකින්න ලැබුණෙම නැති තරම්.

”කලාව කියන්නෙ මම ආශාවෙන් කරපු දෙයක්.නිරූපණයෙන් මම ලංකාවෙ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා තරග කරල තියෙනවා.ඊට පස්සෙ මම සිනමාවටත් ආවා. විවාහයෙන් පස්සෙ මගේ කලා කටයුතු නැති වුණා.ඒ කියන්නෙ අවුරුදු හතක්.එක්වරම මම මේ දේවල්වලින් ඈත් වෙන්නේ මගේ විවාහයත් එක්කයි.මගේ බිරිඳ හිරුණිකා කාර්යබහුල චරිතයක්.ඒ කාර්යබහුලත්වයත් එක්ක මමත් කාර්යබහුල වුණොත් අපිට පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි.ඒ වගේම මම රඟපානවාට නෝනගෙත් අකැමැත්තක් තිබුණා.මොකද නළු නිළියො එක්කනේ වැඩ කරන්නේ. ”

ඔහු මේ කැප කිරීම කරලා තිබුණේ සිය පවුල වෙනුවෙන්. පවුල කියන්නෙ කාගෙත් අංක එක…

”….මට දුකක් නැහැ.මම ඉවත් වුණේ දරුවො තුන්දෙනා වෙනුවෙන් වැඩිපුර කාලය කැප කරන්න.මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්න අකැමැති චරිතයක්.මම කැමැතියි නිදහසේ ඉන්න…මේ වෙනකොට මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා.ලොකු පුතා එවින්. දුවල දෙන්නගෙන් දෙවැනියා දිනංගා, තුන්වැනියා රොනායා.පුතා පාසල් යනවා. දුවල දෙන්න මොන්ටිසෝරි යනවා.අපිට එහෙමට කියලම ලොකු කාර්යබහුලත්වයක් නැහැ.ඇත්තම කිව්වොත් කාර්යාල සේවයට යන අය අපිට වඩා කාර්යබහුල වන අවස්ථා තිබෙනවා…”

හිරාන් කියන්නේ මෙරට නිරූපණ කලාව තුළ දැවැන්ත පෞරුෂයක් ගොඩනඟා ගත් අතිශය ජනප්‍රිය චරිතයක්.

හිරාන් කියන නළුවට වඩා හිරාන් කියන නිරූපණ ශිල්පියා කාටත් හුරුපුරුදුයි…

”නිරූපණ ක්‍ෂේත්‍රයේ දැන් අපි ප්‍රවීණයෝ විදිහට තමයි ගණන් ගන්නේ.මට රඟපෑමෙන් තමයි ඉදිරියට යන්න ඕනෑ.මම ටෙලි නාට්‍ය තුනකට විතරයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අනික අපි නිරූපණ ක්‍ෂේත්‍රයෙන් නමක් හදාගත්තු අයනේ.ඒක ඉතින් එක්වරම වට්ට ගන්න බැහැ. ඒක හින්දා චරිත තෝරගන්නකොට හරි පරිස්සම්.මම නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නකොට වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට සහභාගි වුණා.ඒ හරහා මට කැමරාවට තිබුණ බය නැති වුණා…”

මෙරට දේශපාලන චරිත අතර හිරුණිකා කියන්නෙ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම විවේචන ,මඩ ප්‍රහාර එල්ල වන චරිතයක් කිව්වොත් හරි…

”ඒකටත් අපි දෙන්නම පුරුදු වෙලා තියෙන්නේ.අපි දෙන්නම එකතු වෙලා තමයි අපේ පවුලේ තීරණ ගන්නේ.ඉතින් අපි ඔය දේවල් ගැන වැඩිය හිතන්නෙ නැහැ.මගේ නෝනට, මට වඩා ලොකු ගමනක් තියෙනවා.”

හිරුණිකා වගේම දවසක හිරානුත් දේශපාලනයට ඒවිද ?? ඔහුට ආදරේ කරන කාටත් ඒ කුකුස ඇති අනිවාර්යයෙන්ම…

”…නැහැ. ආරාධනා ඇවිත් තිබෙනවා.මගේ සීයත් දේශපාලනය කරපු චරිතයක්.මගේ මාමත් දැනට දේශපාලනයේ නිරත වෙනවා.මගේ නෝනත් දේශපාලනය කරනවා.ඉතින් මමත් කළොත් ඕක කැඳ හැළියක් බවට පත්වෙන්න පුළුවන්.විශේෂයෙන් මට වඩා හිරුණිකා කැමැති නැහැ මම දේශපාලනයට එනවට.එයා කියල තියෙන්නේ මම මේක කරනවා,ඔයා ඔයාගේ වෘත්තිය කරන්න කියලයි.ඡන්දය ඉල්ලනවා කියලා විහිළුවට කිව්වත් බනිනවා…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka