හපුතලේ පොලිස් ස්ථානයේ දී ගිනි තබාගත් කාන්තාවක් රෝහල්ගතකර තිබෙනවා.
මෙලෙස ඇය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ හපුතලේ පොලිස් ස්ථානයේ වැසිකිළිය තුළ දී ය.
මේ වන විට ඇය ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ය.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඇය පොලිසියට පැමිණ ඇති බව සඳහන් වේ.
කිසියම් ඉන්ධන වර්ගයක් ශරීරය මතට වත්කර ගැනීමෙන් අනතුරුව ඇය මෙලෙස ගිනි තබා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.