gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මාව නැතිකරනවා කිවුවා – එදා එලොව ගිහින් මෙලොව ආවා” – එදා ලංකාවේ කොල්ලො ඉරිසියා කරපු එකා අද ආසම කරන එකා...

ශිහාන් කියන්නෙ ලංකාවේ තරුණයන් තදින් ම ඉරිසියා කරපු එකා.

ඉන් එහා ශිහාන් මිහිරංගව නැති භංගස්ථාන කරනු පිණිස උනුන් නොකරපු දෙයක් නෑ. ඒ වුණත් ඉතාමත් ඉක්මණින් ඒ හැමදේම වෙනස් වෙන්න ගන්නවා.

ඉතින් මේ දවස්වල ශෙහාන් ගැන ගොඩාක් අය කතා බහ කරනවා.

ඔහු ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගත්තද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා ඉන්නවා.

ඒ ආදරය තවමත් නොඅඩුව ලබන ඔහු පහුගිය දවසක ”Dreamz of Shihan” නමින් ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණා.

ඒ පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේද විවිධ සටහන් හා ඡායාරූප හුවමාරු වෙනවා.

ඉතින් 2017 ශිහාන් මැරෙනවා. (සත්‍ය වශයෙන්ම සමාජ මාධ්‍ය ශිහාන්ව මරනවා…) ඒ මරණෙන් පස්සෙ හුඟක් උන් ප්‍රීති ඝෝෂා කරන්න ගන්නවා. ගැහැනු දැරිවියෝ අඬා වැළපෙන්න ගන්නවා.

ඒත් ඒක ඇත්ත නෙවෙයි. ශිහාන් ආයෙම මරණයෙන් නැඟිටිනවා.

‘බිරිඳ තමයි මුලින්ම දැනගෙන තිබුණේ. මාව දැනුවත් කළේ නෑ. මම හිටියේ ඇඳේ නිසා. මට විෂබීජයක් ඇතුල් වෙලා. ලේ ගිහින් හුස්ම ගන්න අමරු වෙලා. ඒක දැක්කම කාගෙ හරි කටකින් යන්න ඇති ශිහාන් මැරුණා කියලා. එලොව ගිහින් මෙලොව ආවා.. කට්ටිය කතා කරලා බැලුවා ඉතින්… ඒකත් එක්තරා ආකාරයක අත්දැකීමක්.. ජීවත් වෙලා ඉද්දි මැරුණා කියලා ප්‍රචාරය වුණාම..’

ශිහාන් මරපු පළවැනි වතාවත් ඒක නෙවෙයි. ඊට අවුරුදු කිහිපයකට කලිනුත් (හරියටම 2005-2006 කාලයේ දී වගේ…) ශිහාන් ව මරා දමන්න බොහෝමයක් උනුන් උත්සාහ කරලා තිබුණා.

‘මම ජනප්‍රියම කාලෙ ගෙදර මරණ දැන්වීම් ගහලා තිබුණා. මරනවා, නැති කරනවා කිවුවා. ඒ නිසා ඒකට ටිකක් හුරු වෙලා හිටියේ….’

කොහොම වුණත් අදටත් ශිහාන් තමන්ට හිමි තැන රැකගෙන ඉන්නවා. ඒක ප්‍රවීණයන්ට උහුලගන්න බැරි වුණත් ශිහාන් කියන බ්‍රෑන්ඩ් එක කඩන එක ලේසි පහසු වෙන එකක් නෑ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka