gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අදට අවුරුදු 7කුත් වුණා... 2004 ඉපදුණු මගේ දුවව මට නැතිවුණා....

'කඳුළැලි අද්දර දෙදණ තියා.. සුදු මල් අහුරක් පුදමි හඬා... සුදු වැලි කැට යට නිදන ඔයා... ඇහැරෙන්නකෝ මගේ කඳුළු බලා....' ඒ කිංස්ලි පීරිස්. 'ෆ්ලෑෂ් බෑක්' කණ්ඩායමේ 'ළයාන්විතයා'.... අදටත් 'නොහෙල්වී' වේදිකාව මත හිඳ 'ජෝති ගී' ගයන නිහතමානී 'ශිල්පියා'...

'කිංස්ලි'ගේ ආදරණීය කැදැල්ලෙ උන් එකෝමත් එක 'සුරංඟනාවියක්' මීට කාලෙකට කලින් 'දෙව් විමන්' බලා යනවා.

ඒ කියන 'අතිශය දරුණු නියං' කාලයකට පස්සෙත් 'කිංස්ලි' තාමත් 'දියණිය' ඉන්න සොහොන් කොත දිහාවට යනවා. (ඔහු එක්කලා පුතා කවිඳුත් එනවා....)

කිංස්ලි' කියන්නෙ ප්‍රසංග වේදිකාවේ වෙනස්ම හැඩයක් හදපු කෙනෙක්. අවුරුදු ගාණක් තිස්සෙ 'ෆ්ලෑෂ් බෑක්' සංගීතය හා මුසුවුණු කිංස්ලිගේ 'හඬ' අදටත් වෙනසක් නැහැ.

'කිංස්ලි' ගැන මතක 'ඇවිස්සුණ' තැන මේ පරණ 'කතා ටික' මෙතනට 'ගැළපෙනවා' කියලා හිතුණා.

'මම කසාද බඳින්නෙ යාලු වෙච්ච ගෑනූ ළමයව. අවුරුදු හතක් අපි ආදරේ කළා. 1996 දී විවාහ වුණේ. 97 නොවැම්බර් පුතා (කවිඳු) උපදිනවා. දුව 2004 උපදින්නේ.. දුව නැති වුණා.. මට ඇත්තටම හොඳ නෝනා කෙනෙක් හම්බුණා. කොලු කාලේ නම් හරි විනෝදෙන් දුව පනිනවා. 96ත් ෆ්ලෑශ් බෑක් තිබුණා. මම වඩු වැඩ කළේ. බෑන්ඩ් එකට එන්න කලින් ඒ කාලේ අයියා එක්ක. ඒවා බලා කියාගෙන හිටියේ.'

කාලයක් තිස්සෙ හිටපු 'ෆ්ලෑෂ් බෑක්' සාමාජීකයන් කණ්ඩායමෙන් 'අස්ථානගත වුණු' එක ගැන කිංස්ලි මොහෙම කියලා තිබුණා.

'පස්සෙ මාලන් රුවන් මංජු ඇතුළු නදීර... අවුරුදු හතක් අටක් ගිහින් ඒ අයත් ගැලවෙනවා. එතැනට වැටුණා රෝස්, නාලක ඇතුළු බැජ් එක. අස්වෙන්න ඕනේ කෙනෙක් බලෙන් තියාගන්න බෑනේ. හැබැයි අදටත් ඒ අය එක්ක සුහදව කතා කරනවා. වෙන බෑන්ඩ් වලට ආරාධනා ලැබිලා තියනවා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. අපි වයසට යනවා ඉතින් එහෙම බැරි වුණ දවසක මම නවතිනවා කියලා හිතන් ඉන්නෙ. හැබැයි මම පුලුවන් තරම් කාලයක් මේකේ ඉන්නවා. පුතා දැනට බෑන්ඩ් එකක් කරන් යනවා.'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka