ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගය මේ වන විට ඉන්දියාවේ දිල්ලිහිදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට භාරදුන්නා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 428 ලබාගත්තා.
එහිදී ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් වාර්තා කර ඇති වේගවත් ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩ්න් මාක්‍රම් සමත්වුණා.
ඔහු සිය ශතකය ලබාගත්තේ පන්දු 49කින්.
මීට පෙර එම වාර්තාව හිමිකර ගෙන සිටියේ අයර්ලන්තයේ කෙවින් ඕබ්‍රයන් ය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 54කදී ලකුණු 106ක්, Quinton de kock පන්දු 84ක් තුළදී ලකුණු 100ක් සහ Rassie vander Dussen පන්දු 110කදී ලකුණු 108ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංක කඩුළු දෙකක් දවා ගත් අතර, කසුන් රාජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුලු 1 බැගින් බෙදී ගියා.
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක ඉලක්කයක් හිමිව තිබෙනවා.