gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ඔහු නවසීලන්තයේ මම ලංකාවේ.... රංගනයෙන් සමුගන්නවට මගේ සැමියා කැමැති නෑ...'' - සුන්දර මනාලියක්ව මංගල ගමන ගිය රුවැත්ති දිලිනි කියන කතාව

''මම රංගනයෙන් සමුගන්නවට මගේ සැමියා කැමැති නැහැ.

ඔහු කියන්නේ මට පවුල් ජීවිතය හා රංගනය කියන දෙකම කළමනාකරණය කරගන්න හැකියාවක් තිබෙනවා නම්

ඒ දෙකම සමබරව කරගෙන ගියාට කමක් නැහැ කියන දේ...''

පුංචි තිරය හැඩ කරන කොණ්ඩෙ දිග ලස්සන ගෑණු ළමයා පහුගිය දවසක එයාගෙ ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් ආරම්භ කළා.

දිලිනි ලක්මාලි... ඒ නමට වඩා කාටත් ඈව සමීප කොණ්ඩෙ දිග හැඩකාරිය කිව්වාම.

එතරම් ලස්සන මනබඳින රූපයක් ඇයට හිමියි.

එහෙම රුවැත්තියකගෙ අතගත් ඔහු සැබෑම වාසනාවන්තයෙක් බව නොකියා කොහොමද...

''චරිත් වඩුගේ තමයි මගේ සැමියා, ඔහුගේ ස්ථිර පදිංචිය නවසීලන්තයේ. ඔහු ජීවත් වෙන්නේ එහේ.

අපි දෙන්නගේ ආදර සම්බන්ධය ඇති වුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා. මුලින්ම අපි මිතුරෝ.

පසුව ඒ මිත්‍රත්වය තමයි ආදරයකට පෙරළුණේ.

අපේ සම්බන්ධතාවට දැන් වසර දෙකහමාරක් පමණ වෙනවා.

ඉතිං අවසානයේ අපි තීරණය කළා එක වහලක් යටට එන්න...''

දිලිනි කියන්නෙ කවදත් හරි හිමින් සාර්ථක ගමනක් ආව රංගන ශිල්පිනියක්. විවාහය ගැන වුණත් කල් තියා ප්‍රසිද්ධ කිරීම් කරලා තිබුණෙ නෑ ඇය...

''....මගේ වෘත්තීය ජීවිතය රංගනය. ඒක වෙනම පැත්තක්, මගේ පෞද්ගලික ජීවිතය ඇතුළේ ගන්න තීන්දු තීරණ වෙනම පැත්තක්.

ඉතිං ඒ හැමදේම එක්ක නිවැරදි තීරණයක් නිවැරදි මොහොතේ ගත්තට පස්සේ එතැනින් එහාට ඒ ගැන කියන එක කිසිම ගැටලුවක් නොවෙයි.

මොකද මේ වෙද්දි මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තිබෙන නිසා.

ඉතිං ඒ තැනට එනකම් මගේ සැමියයි මමයි ඒ දේවල් පොඩ්ඩක් තියාගෙන හිටියා.

මොකද ඒක පෞද්ගලික ජීවිතයේ කාරණාවක් නිසා...''

සැමියා විදෙස් රටක පදිංචි අයෙක් වීම නිසාම දිලිනිව ආයෙම අපිට නිර්මාණ ඔස්සේ දැකගන්න ලැබේවිද කියන ප්‍රශ්නය ඇයට ආදරය කරන කාටත් ඇති...

''....රංගනය කියන්නේ මගේ වෘත්තිය. ඒත් එක්කම මේ ආරම්භ කරපු පවුල් ජීවිතය සාර්ථක කරගන්නටත් අවශ්‍යයි.

ඉතිං ඔය දෙකම සමබරව තබාගන්න පුළුවන් විධියට වැඩ කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ.

ඒක ඉදිරියේදී තීරණය වෙයි. දැනට කලාවෙන් සමුගන්න අදහසක් නැහැ.''

''ඇත්තටම මම රංගනයෙන් සමුගන්නවට මගේ සැමියා කැමැති නැහැ.

ඔහු කියන්නේ මට පවුල් ජීවිතය හා රංගනය කියන දෙකම කළමනාකරණය කරගන්න හැකියාවක් තිබෙනවා නම් ඒ දෙකම සමබරව කරගෙන ගියාට කමක් නැහැ කියන දේ.

නමුත් ඔහු නවසීලන්තයේ මම ලංකාවේ එහෙම වුණොත් මට ඒ දෙකම නිසියාකාරව කරගන්න වෙන්නේ නැහැ.

ඉතිං ඒ පිළිබඳව හරි සැලසුමක් හදලා ඒ දේවල් කොහොමද කරන්නේ කියන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.''

(උපුටගැනීම් හදගැස්ම)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka