gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”මම සංවේදී වන එකම තැන තාත්තා” – ජනප්‍රිය නිළි දුශේනි තාත්තාගේ ආදරේ ගැන කියන ආදරණීය කතාව

දුශේනි මියුරංගි මේ නමට වඩා ඔබට ඈව හුරුපුරුදු සරණි කිව්වාම. නැත්නම් බන්ටි කිව්වාම. එහෙම නේද…

අද වෙනකොට ඇය සම්මානනීය රංගන ශිල්පිනියක්.

නිර්මාණ සෑහෙන ප්‍රමාණයක ඇගේ මුහුණ දකින්න නොලැබුණත්, ඈ කරන එකම එක චරිතය වුණත් රසික හදවත් දිනාගන්නේ හරි අපූරු විදියට.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ කළ සොඳුරු කතාබහක් අහන්න දකින්න ලැබුණා.

ඈ උන්නෙ තනියම නෙවෙයි ඇගේ ආදරණීය තාත්තා, වසන්ත ලක්සිරි මහත්මයත් එක්ක.

දුවෙක් කොච්චර ලොකු වුණත් එයාගෙ මුළු ලෝකේම තාත්තා කියන කතාවට දුශේනි කදිම උදාහරණයක්.

”මගේ තාත්තා… තාත්තට තමයි මම වැඩියෙන්ම ආදරේ.පොඩි කාලෙ ඉඳන්ම තාත්තා තමයි මට හැමදේම..මම සංවේදී වන එකම තැන තාත්තා..තාත්තාට මම හරි ආදරෙයි…මේ ඉන්නෙ මම ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන එක්කෙනා….”

දූගේ ආදරේ ඉස්සරහ තාත්තගේ ආදරේ දෙවෙනි වෙන්නෙත් නෑ…

”මට මෙයාව ලෝකෙ, ලංකාවේ මොන තරම් තැනක හිටියත් මට තාම එදා දුවම තමයි…”

දුවෙක්ගෙ ලෝකේ වීරයා වගේම පළවෙනි ප්‍රේමවන්තයා වෙන්නෙත් තාත්තා. ඒ ආදරේට සීමාවක් ඇත්තෙ නෑ. උපමා කරන්නත් බැරි තරම් ආදරයක් ඒක…

”දුව පුංචි කාලේ ඉඳන්ම මාත් එක්කම තමයි බොහෝම ආදරෙන් හිටියේ. පාසල් ගියේ මාත් එක්ක.. කවදාවත් මම ඇයව තනියම යවලා නෑ…ඒ කාලේ ඉඳලම මෙයා සංවේදී… මම ඊට වඩා සංවේදියි…එදා ඉදන්ම බොහොම ආදරෙන් මම දුවව, පුතාව, බිරිඳව බලාගත්තෙ…මම මගේ ෆැමිලි එක දාලා කොහෙවත් යන්නෙත් නෑ..දිනපතාම වගේ අපි ඔක්කොම එකට හිටියෙ…ව්‍යාපාරයටත් වඩා මම බොහොම ආදරේ කරේ පවුලට…ලෝකේ කොහෙ හිටියත් දුව මට දවසට හත් අට වතාවක් කතා කරනවා….”

අපි කතාවටත් කියනවනෙ දූවරු වැඩියෙන්ම ආදරේ තාත්තලාට කියලා. ඒක ඇත්ත… දුශේනිගෙත් මුළු ලෝකෙම මේ ආදරණීය තාත්තා…

”…අම්මටත් මම ගොඩක් ආදරෙයි. ඒ වුණාට තාත්තා කියලා කියන්නෙ මගේ ලෝකෙ.මම හැමදේම අද වෙනකලුත් කරන්නෙ තාත්තව ආඩම්බර කරන්න.සමහර වෙලාවට මට හිතෙනවා මේ ඔක්කොම දමලා ගහලා යන්න.හැබැයි මට හිතෙනවා තාත්තව ආඩම්බර වෙන්න ඒ දේවල් කරනවා කියලා.මගෙ තාත්තා හරිම සංවේදී කෙනෙක්.ඒකම තමයි මටත් ඇවිත් තියෙන්නෙ…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka