තමාට නායකත්වය ලැබුණද වේගයෙන් පිතිකරණයේ නියැළීම නවත්වන්නේ නැති බවත් පසුගිය තරගවලදී පන්දුවට පහරදුන් ආකාරයටම වේගයෙන් පන්දුවට පහරදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් පවසනවා.
ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (16දා) ආරම්භ වන තරගයට පෙර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී කුසල් මේ බව පවසා සිටියා.
ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගවලදී පන්දුවට පහරදීම යම්තාක් දුරකට වෙනස් කළද එය ලොකු වෙනසක් නොවන බවත් තමන් වෙතට එන පන්දුවට වේගයෙන් පහර දීමේ ක්‍රමය අනුගමනය කළ බවත් මෙන්ඩිස් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙම තරගාවලියට සහභාගි වීමට පෙර නායකත්වය වැනි වෙනසක් බලාපොරොත්තු නොවූ බවත් එය එසේ වුවද නායකත්වය පීඩනයක් කර නොගන්නා බවත් කුසල් ප්‍රකාශ කර සිටිනවා.