gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුලා ජයතිලකට යුද්ධයේ දී මිය ගිය ඊශ්‍රයාල වැසියෙකුට හිමි ගෞරවය දෙන්න ඊශ්‍රයාලය සූදානම්!

යුද්ධයේදී මිය ගිය ඊශ්‍රයාල ජාතිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද සහ වන්දි මුදල් හමාස් ප්‍රහාරය මැද මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවක වූ අනුලා ජයතිලකගේ පවුලට ලබා දෙන බව ඊශ්‍රයාල රජය ප්‍රකාශ කර තිබේ.

දින දෙකක් තුළ ඇයගේ සිරුර ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන බව එම රජය දැන්වී යැයි ඊයේ (17) ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩා මාධ්‍යයට පවසා තිබිණි.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) ගාමිණී සෙනරත්  මාධ්‍යයට පැවසුවේ. ඇය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචි වී  වලංගු වීසා බලපත්‍රයක් සහිතව ඊශ්‍රයාලයේ රැකියාව කරමින් සිටි බවය.

ඒ අනුව යුද්ධයේ දී මිය යන ඊශ්‍රයාල ජාතිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද ඇයගේ පවුලට හිමි වන බව ද ඔහු පැවසුවේය.

මේ අර්බුදය අතර අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයාවන  යටවර බණ්ඩාර සම්බන්ධව තවමත් තොරතුරු නොලැබෙන බව කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා හමාස් සංවිධානයේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සම්බන්ධව හෙළිදරව් කිරීමට ඔවුන් සූදානම් බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින බව කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka