gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හැමෝම මාව රැවැට්ටුවා...මම හොයන ජීවිතේ කාගෙන්වත් හොයා ගන්න බැරි වුණා" - 28 හැවිරිදි තරුණිය සැමියන් 4ක් සමඟ එකවර පවුල් කාලා!

ඇයගේ මේ වනවිට වයස අවුරුදු 28කි.

ඉතා රූමත් ඇය නිතරම රූපලාවන්‍ය උපකරණද භාවිතා කළ අතර කුඩා අවධියේ සිට නිල් චිත්‍රපටිවලට ඇබ්බැහි වී සිටි ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වූවාය.

එලෙස 2010 වසරේදී විවාහ වූ ඇය එම විවාහයෙන් ඇය දරුවෙකු ප්‍රසූත කළාය.

වසර 02කටත් අඩු කාලයක් එම විවාහය පැවති අතර සැමියා විදේශ රැකියාවකට ගිය අතරේ 2013 වසරේදී ගම් පළාතේ පුද්ගලයෙකු සමඟ දෙවන වරටත් විවාහ විය.

එම විවාහයෙන් දරුවන් ප්‍රසූත නොකිරීමට වගබලා ගත් ඇය සැමියාද ඇයගේ හිතට හරි ගියේ නැත.

වසර තුනකින් එම විවාහයද අවසන් විය.

ඇය 2016 වසරේ තෙවැනි වරටත් විවාහ වූ අතර එසේ විවාහ වෙද්දී පෙර දෙවතාවක් ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන ගත්තේ නැත.

තෙවන සැමියා සමඟද ඉතා කෙටි කාලයක් පමණක් සිටි ඇය වසර තුනකින් එම විවාහයද කෙළවර කරගත්තාය.

ඒ අතරතුර දිනක් ඇය එක්තරා ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත් අතර ඇගේ රූපශ්‍රියට ඔහුගේ සිතේද ආදරයක් ඇති විය.

ඇය තමාගේ බිරිඳ කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි සිතූ ඔහු අවසානයේ එම සිතිවිල්ල පල දැරීය.

ඒ අනුව 2021 වසරේ ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කෙරිණ.

ඒ ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැතිමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළාය.

ටික කලකදී ඔවුන්ගේ විවාහය දෙදරා ගියේය. ඇය ඔහු සමඟ නිතර රණ්ඩු කරගත් අතර ඇයගේ පෙර වැරදි රැසක්ද ඔහුගේ සවනට වැටුණි.

ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැමූ අතර ඔහු එලෙස පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුනද සොයා ගෙනයි.

තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව නඩු පවරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka