gossip lanka

'අවුරුදු 63ක් වුණු මම හයර් එකට වාහනේ යන ගමන් ඇඬුවා 9 වැනිදා! අද ඒ සාපේ තමයි රාජපක්ෂලා විඳින්නෙ!': 'රාජපක්ෂ මහත්තයා'ට අනතුරු ඇඟෙවුවද? නැද්ද? සුමනදාස උතුමාණන් උත්තර දෙයි!

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ 'රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය.. (සත්‍ය වශයෙන්ම ඒ හඳුන්වා දීමේ ගෞරවය හිමි රාජපක්ෂ බලඇණියට...)

ඉන් අනතුරුව 'සුමනදාස උන්නැහේ' ගහලා පැන්නුවා කියලත්... 'අවමානයට' පත්වුණා කියලත්... ඒ නිසාම මාධ්‍යයෙන් පවා 'වහං'ව ඉන්නවා කියලත් ඒ සමයේ කතා පැතිර ගියා.

රාජපක්ෂ 'සමාගමේ' සියලු ජ්‍යෙතිෂ කටයුතු (නැකැත් සැදීමේ ඉඳන් සියලු ම දේ...) භාරව හිටියා වුණත් ඔහු 'මහින්දගේ' නික්ම යාමෙන් පසුව 'නිහඬ' වෙනවා.

කොහොම වුණත් මෑතක 'හෙළරහස්' කියන යූටියුබ් නාලිකාව හා 'සම්මුඛ' වෙමින් සුමනදාස අබේගුණවර්ධන මෙරට 'මිළඟ ජනපතිවරයා' ගැන හෙළිදරවුවක් සිදු කර තිබුණා.

'මේ රට ආර්ථික අතින් ගොඩගන්න පුළුවන් නායකයා මම හඳුනාගෙන තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලවලට බස් බෙදන මහත්තයෙක් ඉන්නේ, ඉස්පිරිතාවලට බෙහෙත් දෙන මහත්තයෙක් ඉන්නේ. එතුමා තමයි ඒ නායකයා.1967 ජනවාරි මාසේ බොහොම වාසනාවන්ත දවසක උපත ලබාපු සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ....'

මහින්ද රාජපක්ෂ ගැනත් ඒ මොහොතේ කියන්න ඔහු අමතක කර තිබුණේ නැහැ.

'2015 ජනවාරිවලින් පස්සේ එතුමා පන්සල් ගානේ ගිහින් වොයිස් කට් දෙනකොට කිව්වා නම් ‘මගේ ජ්‍යොතිෂ උපදේශකවරයාත් මගේ පරාජය ගැන අනතුරු ඇඟෙව්වා’ කියලා අදත් ඒගොල්ලෝ බොහොම ජයට ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අද බොහො ප්‍රපාතයකට වැටිලා ඉන්නේ. ඔවුන් හිතාමතාම රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා මට වැරැදීමක් වෙලයි එතුමා පරාජය වුණේ කියලා. මට කොහේවත් වැරැදුණේ නෑ. රජ කෙනෙක් එක්ක වැඩකරනවා කියන එක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි මට කොහේවත් වැරදුණේ නෑ. ඒගොල්ලන්ට වැරැදුණා. මම නිවැරැදියි කියන එක ඔච්චර පන්සල්වලට ගිහින් වොයිස් කට් දෙද්දී එතුමා කිව්වා නම් අද එතුමාට ඔහොම වෙන්නේ නෑ. අද ඒ සාපේ තමයි ඒගොල්ලෝ විඳින්නේ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද මම කවදාවත් වැරැදි වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.'

මින් ඉහත සුමනදාස අබේගුණවර්ධන, දේශක 'සන්නස්ගල' සමඟ සිදු කළ 'සත්‍යාගාරය' වැඩසටහනත් මහත් ආන්දෝලනයට ලක්වුණා ඔබට මතක ඇති.

එයින් සුමනදාස අබේගුණවර්ධන ජ්‍යෙතිෂවේදීයා කොපමණක් අපහසුතාවයට පත්වූවාද කිවහොත් පසුව ඒ ගැන 'සන්නස්ගල' විසින් ම හෙළිදරවු කර තිබුණා.

'සුමනදාස ප්‍රෝගෑම් එක ඉවරවෙලා ඉමෝෂනල් විදිහට මාව බ්ලැක්මේල් කළා, මේක ඉවරවෙලා මම ගෙදර යද්දි, මගේ දුව වහ බීලා හරි, එල්ලිලා හරි හිටියොත් වග කියන්න කියලා කිවුවා.....'

එ‌සේම මීට කලකට පෙරදී සුමනදාසගේ යැයි කියන 'හඬපටයකුත්' සමාජ මාධ්‍යතුළ සංසරණය වුණා. (අදාළ හඬපටයේ සුමනදාස විසින් මාධ්‍යවේදීනියකට බැන වැදී තිබුණා....)

'මගේ අම්මා තාත්තා මිය ගිය දවසේ වගේ මට විශාල වේදනාවක් ආවා 9 වැනිදා. මම මගේ කාර් එක භාරදීලා, මට පොඩි නිල නිවාසයක් තිබ්බා, ඒකත් භාරදීලා. හාප්ෂිප් එකේ ඉඳන් භාරදීලා මම හයර් කාර් එකක ගමේ යනවා. ඒ යනකොට මේ මාධ්‍යවේදිනියක් මට කතා කරනවා. ඇත්තෙන්ම අවුරුදු 63ක මිනිහෙක් අඬනවා. අවුරුදු 32ක් අපි ළඟින් හිටියා. (මහින්ද රාජපක්ෂ සමඟ...) ලොකු වේදනාවකින් මම හිටියේ. ඒ වේදනාවෙනුයි කතා කළේ. ඊට කලින් ඩේලි මිරර් එකේ දාලා තිබුණා මට හාර්ට් ඇටෑක් හැදිලා හොස්පිට්ල් කියලා. ඒක දැක්ක ගමන් මම කතා කළා. ඒ දාපු නෝනාම තමයි මේ...'
gossip lanka