උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී යාපනය ශීක්ෂණ රෝහලෙන් අතක් කපා ඉවත් කළ දැරිය 19 දා යළි පාසල් ගිය අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් විය.
මැණික් කටුව ළගින් කපා ඉවත් කරන ලද පුංචි වෛසාලිගේ අත දැකීමෙන් ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරු කදුළු සලන්නට වූහ.
යාපනය හින්දු ප්‍රාථමික පාසලේ ශිෂ්‍යාවක් වන ශාන්ති වෛසාලි යළි පාසල් ගිය අවස්ථාවේදි ඇයට මල් කළඹක් දී ඇගේ සහෝදර ශිෂ්‍යාවන් පිළිගත් අතර ඇය දිරිගැන්වීම සඳහා පාසල් සංවර්ධන සමීතිය හා විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ උත්සවයක්ද සංවිධනය කොට තිබුණි.
එහිදී ඇගේ අනාගතය වෙනුවෙන් ලබා දිය හැකි සියළුම පහසුකම් ලබා දීමට පාසල් සංවර්ධන සමීතිය එකඟ වූ අතර යාපනයේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඇයව දිරි ගැන්වීම සඳහා ඉදිරිපත් වී සිටිති.
අට හැවිරිදි මෙම දැරියට අවශ්‍ය මනෝ ප්‍රතිකාර ලබා දීම සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.
දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය මේ ම්ස 27 දා යළි විභාගයට ගැනීමට නියමිතය.
දිනසේන රතුගමගේ