gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අබලි ලෙස වික්ක ජීප් තුනට සහ කාර් පහට කෝටි දෙකහමාරක්! මෝටර් රථයට රු. ලක්ෂ 76ක්!

අබලි ලෙස විකිණූ ජීප් රථ 03ක් සහ මෝටර් රථ 05ක් සඳහා රු. කෝටි දෙකහමාරක මුදලක් ලද සිද්ධියක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වනවා.

ඒ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැති රාජසන්ත වූ භාණ්ඩ වෙන්දේසියේසියකදීය.

එහිදී සුඛෝපභෝගි ජීප් රථ 03ක් සහ මෝටර් රථ 05ක් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකට වෙන්දේසි වී ඇති අතර, පැජෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 76කට අළෙවි වීම සුවිශේෂිය.

මීට පෙර අබලි ද්‍රව්‍ය ලෙස මෙතරම් විශාල මුදලකට මෝටර් රථයක් අළෙවි වී නොමැති අතර, එම රථ පහට ලොරි රථයක් සහ වෑන් රථයක් ද ඇතුළත්ව ඇත.

කෙසේ වෙතත් ඉන් අඩුම මිලකට වෙන්දේසි වූ ලොරි රථය පමණක් ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

මෙම වෙන්දේසියේදී සුඛෝපභෝගි ජීප් රථ තුන අබිලි ලෙස වෙන්දේසි කිරීමේදී ලද මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka