රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප සහ කුඩා දැරියන් වැඩිහිටියන් සමඟ සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවීමේ චෝදනා මතයි.
සැකකරු අසභ්‍ය වෙබ් අඩවි හරහා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ලිංගික දර්ශන බාගත කරගෙන එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ නිරතව සිට තිබෙනවා.
සැකකරු සතුව තිබී මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සොයාගත් බවත් ඉන් සියයට 80ක්ම වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බවත් පොලිසිය ප්‍රකාශ කළා.
සැකකරු සන්තකයේ පරිගණක තුනක් තිබී ඇති අතර ඒ තුළ වූ දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන 1500කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු එම දර්ශන ඔහු විසින් සම්බන්ධ වී සිටි සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට මුදලට විකුණා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම ගනුදෙනු සඳහා මුදල් අයකරගෙන ඇත්තේ ව්‍යවහාරික මුදල් හුවමාරු ක්‍රමයක් වන ක්‍රිප්ටෝ කරන්සි මුදල් ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් තහවුරු කරගත්තා.
කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප මෙන්ම ලිංගික දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ සංසරණය වන බවට ලැබුණු තොරතුරක් මත පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිදුකළ පරීක්ෂණ ඔස්සේ සැකකරු සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළිකරගත් විමර්ශන නිලධාරීන් කෙටි පණිවුඩ මගින් සැකකරු සමඟ සම්බන්ධ වී ඡායාරූප ලබාගැනීම සඳහා රුපියල් 2000ක මුදලක් සැකකරුට යොමුකර තිබෙනවා.
ඒ හරහා සැකකරු සම්බන්ධ කරගෙන සැකකරුව අත්අඩංගුවට ගැනීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
නමුත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම සැකකරු විහාරස්ථානයක වැඩවාසය කරන සිවුරු දරාගත් පුද්ගලයෙක් බව ඔවුන්ට දැන ගැනීමට හැකියාවක් ලැබී නැහැ.