gossip lanka

'සාරි ඇඳන් ඉන්න ඇන්ටිලා දෙන්නට පුදුම වෛරයක්නෙ තිබිලා තියෙන්නෙ. මුන්ට දුන්නෙ මිලිටරි ට්‍රේනිං ද?': කාන්තාවක් 'අඩනිරුවස්තර' කෙරූ 'සුපර් මාකට්' සිද්ධියේ ඇත්ත මෙන්න!

සුපිරි වෙළඳසැලක්' ඇතුළේ 'කාන්තාවක් අඩ නිරුවස්තර රීම' මේ වෙනකොටත් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වනවා. (ඒ ගැන ඔබත් දකින්න ඇති... ප්‍රතිචාර දක්වන්නත් ඇති...)

මේ සම්බන්ධයෙන් අදාළ 'සුපිරි වෙළඳසැලේ' කළමනාකාරීත්වයට සෘජුවම ඇඟිල්ල දිගු වුණා.

'ප්‍රතිචාර' දැක්වූ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබුණේ මෙහි සම්පූර්ණ 'වගකීම' අදාළ 'කළමාණාකාරීත්වය' ගත යුතු බවයි. (කෙසේ වෙතත් ඔවුන් මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් නිකුත් කර තිබුණා....)

සේවක සේවිකාවන් පිරිසකගේ 'දැඩි ප්‍රහාරයට' ලක්ව අනතුරුව අදාළ කාන්තාව 'නිරුවත් වන අයුරුද' සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවේ දැකගත හැකියි.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින්, බොහෝ පිරිසක් සමාජ මාධ්‍යයේ සටහන් පළ කරමින් සිටිනවා.

'නිසි පුහුණුවක් නැතිව අඩු පඩියට මිනිස්සු ගත්තොත් උන් හැසිරෙන්නේ මැරයෝ වගේ. මෙම සිදුවීමේ සම්පූර්ණ වගකීම *** කළමනාකාරීත්වය සතුයි. ඔවුන් සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි. කාන්තා ක්‍රියාකාරින් කෝ ?

If people are hired for low wages without proper training, they will behave like Maraiyo. *** management is fully responsible for this incident. These Maraiyo should be arrested. where the women activists?' (Vathees Varunan පළ කළ සටහනක්....)

'When a customer enters my store, forget me. He is king.” - John Wanamaker ඉගෙන ගන්න ****තුලේ උන දේ ගැන අපි දන් නෑ.හැබැයි කාන්තාවකට මෙහෙම පහර දෙන්න තරම් පහත් තැනකට වැටුන එක ඉතාම නින්දිතයි.නමට පිරිමියෙක් උන එකෙකුත් කොන්ඩෙන් අල්ලන් ඒ කාන්තාවට පහර දෙනවා.මුලින්ම පහර දෙන්නෙත් සාරියක් ඇදගත්ත ආයතනයේ කලමනාකාරිය වගේ පේන තැනැත්තියක්.කනගාටුව ප්‍රකාශ කරලා Statement දාලා කමෙන්ට් ඕෆ් කරන් හිටියට වැඩක් නෑ.හරියට ක්‍රියාමාර්ග අරගෙන මේවගේ දේවල් ආපහු වෙන්නේ නැති තැනට වැඩ කරන්න.'

සැබැවින්ම ඔවුන්ට 'පහරදීමේ' අයිතියක් තිබෙනවද?

වරදක් 'කළා' හෝ 'නොකළා' වුණත් නීතිය අතට ගැනීමට හෝ පහරදීමටවත් කිසිවෙකුට අයිතියක් නැත.

අදාළ සේවක සේවිකාවන් මේ පිළිබඳව 'නිසි බලධාරින්' දැනුවත් කර, 'නීතිය' වෙනුවෙන් ඒ 'ඉඩහසර' ලබා දුන්නා නම් ඇතැම් විට මේ කතාව මීටත් වඩා වෙනස් වෙන්නට තිබුණා. (දැන් මේ මොහොතේ ඔවුන්ගේ රැකියාව පවා කොතරම් අවදානමකද?)

'ප්‍රමිතිගත' සහ පිළිගැනෙන 'සුපිරි වෙළඳසැලක්' නම් අවම වශයෙන් සිය සේවකයින්ට 'පාරිභෝගිකයින්' හා ගනුදෙනු කරන 'සරලම ක්‍රමවේදය' කියා දිය යුතුව තිබුණා නොවේ ද?

මෙවැනි අන්දමින් සේවකයින් හැසිරීම් කොපමණක් නින්දා සහගතද? (මේ විරෝධය හරහා අදාළ කාන්තාවටත් වඩා අවධානය යොමු වන්නෙ ඒ සේවක සේවිකාවන් වෙතයි. ඔවුන්ගේ නින්දිත හැසිරීම වෙතයි.)

පහර දීමට පෙර 'ප්‍රවේශ දොරටුව' අගුලු ලෑමට තරම් 'උනන්දුවක්' (එක්කෝ කැක්කුමක්) තිබුණා නම් ඉන් එහා නීතිය ක්‍රියාත්මක කරනු පිණිස 'බලධාරියෙකුට' අඬගෑමට 'වේලාවක්' නොතිබුණාද? (වීඩියෝවේ ඉන්න කාන්තාව අවිආයුධ අත දරාගත් 'භයානක' අයෙකු ලෙස නොපෙනෙන නිසා....)

කෙසේ වෙතත්, සිදුවීම ගැන අදාළ සුපිරි වෙළඳ සැල 'කණගාටුව' පළ කොට ඉන් එහා ඒ සඳහා 'ක්‍රියාමාර්ග' ගත්තා නම් එය පැසසිය යුතුයි. ඒ නමුත් ඔවුන් වෙතට එල්ල වන 'විරෝධයේ අවසානය' එතැනම නොවේ.

'පාරිභෝගිකයා' පළමු කොට සළකන ඔිනෑම 'සංකීර්ණයක' වේවා අදාළ 'කාන්තාව' නියෝජනය කළේ ඒ සමස්ත 'පාරිභෝගික' ජනතාවයි. මේ වන විටත් ඒ 'පහරදීම' ඔවුන්ට දැඩිව දැනෙන්නෙත් රිදෙන්නෙත් ඒ 'හේතුව' නිසයි.

'නීතිය-රීතිය' හෝ අනෙක් සියල්ල 'පසෙකට දැමුවහොත්' සත්‍ය වශයෙන්ම 'මනුෂ්‍යත්වය' අතින් අපි කොතනද යන්න මනාවට පෙන්වන සිදුවීමක් නොවේද මෙය.....
gossip lanka