gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ප්‍රසිද්ධ මාධ්‍යයට මේ කියන්නෙ.. මම ස්පා යනවා..." - කොටුවේ හාමුදුරුවෝ ආන්දෝලනාත්මක හෙළිදරවුවක

කොටුවේ හාමුදුරුවෝ' කියන්නෙ 'සෝශල් මීඩියා' ඇතුළේ බොහෝම කතාබහට ලක්වන චරිතයක්. (මේ මොහොත කියලත් වෙනසක් නෑ...)

හැබැයි උන්වහන්සේගේ 'ආගමනය' සිද්ධ වෙන්නෙ අද ඊයේ දවසක නෙවෙයි.

මීට අවුරුදු ගාණකට කලින් 'ඩීවීඩී' හෝ 'වීසීඩී' පට ඇතුළේ උන්වහන්සේ කියපු 'බණ කතන්දර' බොහෝමයක් දෙනා ඇහුවා. (ඒ මොකද ඒක සෑහෙන වෙනස් විදිහේ දෙයක් නිසා....)

පසුගිය දවසක 'යූටියුබ්' නාලිකාවක් හා එක්වුණු 'කොටුවේ හාමුදුරුවෝ' උන්වහන්සේගේ වටිනා කියන 'ජංගම දුරකතනය' ගැන මේ විදිහේ හෙළිදරවුවක් සිදු කර තිබුණා.

'අලුත්ම බ්‍රෑන්ඩ් එක ලක්ෂ අටයි... දැන් ගෙනාවේ...'

'පිටරටින් ගොඩක් උදවු කරනවා. මේ බනින බල්ලෝ දන්නෙ නෑ, අපි බඩට නොකා මේ ශාසනේට කළා කියලා. මිනිස්සු තෑගි දෙන ඒවා දැන් ගන්නවා. නැත්තම් හිතනවා, අහංකාරකම කියලා...'

ලංකාවේ කන්න නැති 'පන්සල්' තියනවද? ඒ ගැනත් හාමුදුරුවෝ කිවුවා.

'කන්න නැති පන්සල් තියනවලූ. මොන හිඟන කතාවක්ද? දානේ නොලැබෙන නම් ඒක හාමුදුරුවන්ගේ වරදක්.. දැනගන්න ඔිනි දායකයෝ මැනේජ් කරගන්න..'

'වීඅයිපී පොෂ් නෙවෙයි... දුප්පත් පොෂ් අයට මෙහේ එන්න පුළුවන්. අපිට යූටියුබ් චැනල් නෑ, පේජ් නෑ.... බැනලා එවන මැසේජ්වත් මම බලන් නෑ...'

'කොටුවේ හාමුදුරුවෝ', රටටම කියපු යන 'තැනකුත්' තියනවා. ඒ ගැනත් උන්වහන්සේ කියලා තිබුණා.

'මම ස්පා යනවා. ප්‍රසිද්ධ මාධ්‍යයට මේ කියන්නෙ.. මම ස්පා යනවා. මේක තව ප්‍රවෘත්තියක් වෙයි. අර ගහලා තියෙන්නෙ එස්පීඒ කියලා. ඔය වගේ කුනුහරප වලට නෙවෙයි. කිරිබත්ගොඩ රජයේ අනුමත එකක්. ඔය කියන මඟුල්වලට ගියොත් බෙල්ල කඩයි. අපිට ඔලුවේ අමාරු... දණිස් අමාරු තියනවා... ඒකයි..'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka