gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ හරකෙක් සොයා පර්යේෂණ : මීට අවුරුදු පහකට කළින් හෙව්වා නම් අද වෙනකොට සාර්ථක ප්‍රතිපල

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදාගෙන නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, කිරි සහ මස් නිෂ්පාදනයට ගවයින් සහ එළුවන් වැනි සතුන් ආනයනය කළත් මෙරට දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම සහ රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මියයන බව යි.

එබැවින් කිරි සහ මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙරටට ගැලපෙන ගව සහ එළු විශේෂ දෙකක් හඳුන්වාදීමට, පර්යේෂණ ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

නිලධාරීන් පෙන්වා දෙන්නේ එවැනි පර්යේෂණයක් සඳහා වසර 5 -7ක් පමණ කාලයක් ගත වන බව යි.

පසුගියදා පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, වසර 5 කට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ නම්, අද වන විට කිරි සහ මස් ආනයනය අවශ්‍යය නොවන බව යි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka