තමන්ගේ 'ජීවිතේම' අවධානමේ දාගන්න එක (එක්කෝ මරණයට කිට්ටු කරන එක...) තවත් කෙනෙකුගේ ජීවිතේ 'අවසානය' තමන් 'සන්තකයි' කියලා හිතන එක..... මිනිස්සු ඉන්නවා, ජීවිත ගැන එහෙව් 'තීන්දු-තීරණ'වලට එළඹෙන... තවත් උන්ගේ 'හදවත්' කීතූ කරන... (අවසානයේ ඒක ලෝකෙන්ම වහං කරන...)
ඇය අවුරුදු 12ක් වයස පුංචි එකියක්. ජීවිතේ තව 'දුර' යන්න බලාගෙන 'හීන කෝටියක්' මවපු 'සුරංඟනාවියක්'... ඒත් ඇගේ ම 'ආත්තම්මා' තීන්දු කරනවා ඈව 'අවසන්' කරන්න. ඇගේ ජීවිතේ 'තොර' කරන්න. (ඈ ඒක කරනවා...)
මේක සිද්ධ වෙලා තියෙන්නෙ යාපනයේ 'තිරුනෙල්වේලි' ප්‍රදේශයේ හෝටල් කාමරයක දී.
'ආත්තම්මා'ව මේ 'වරදට' රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලත්, නඩු ව ආයෙම 27 වැනිදා 'කැඳවන්න' කියලත් විනිසුරුවරයා නියෝග කරලා තියනවා.
'නාගභූෂණී සිවන්නාදන්' කියන මේ දැරියට 'මානසික' ආබාධයක් කියලත්, ඒ 'හේතුව' නිසාම ඈව 'අවසන් ගමන්' යැවුවා කියලත් 'ආත්තම්මා' ලියපු ලිපියක සඳහන්.
'සර්... අංක 57 - පේරාලේ පාර ත්‍රිකුණාමලය ලිපිනයේ පදිංචි මම කලක පටන් මානසික ආතතියෙන් පීඩා විඳින කාන්තාවක්. මට සියදිවි හානිකරගන්න සිතුණු වාර ගණන අනන්තයි.ඒත් මම ඒ දේ කරගත්තොත් මගේ මිණිබිරිය අසරණ වෙනවා. ඒක නිසයි මාත් මගේ මිණිබිරියත් මැරෙන්න තීරණය කළේ. අපේ මරණවලට කවුරුත් වග කියන්න වුවමනා නැහැ. අපේ මරණ නිවසට ගෙනියන්නත් එපා.....'
'මිණිබිරියට' නිදි පෙති දී ජීවිතය තොර කරවූ මේ 'මිත්තණිය'ට ඒ දේ 'සාධාරණීකරණය' කරන්න තරම් 'දීර්ඝ කතාවක්' ද තිබුණා.
'මම වෛද්‍ය ක්ෂේත්රයේ රාජකාරී කළේ. මගේ දුව මුස්ලිම් තරුණයෙක්ට ආදරය කරලා විවාහ වුණා. ඔවුන්ට දරුවෙක් ලැබුණා. කාලයක් දරුවා හිටියේ මා එක්ක. කාලෙකට පස්සෙ එයාලා වෙනම පදිංචියට ගියා. තාත්තාට වුවමනා වුණා දරුවව ගෙනියන්න. ඒත් මම කැමති වුණේ නෑ. මම හදාගන්නම් කියලා මම මිනිබිරිව එක්කන් ආවා. ආයෙම පාරක් මිනිබිරිය මාව දාල ගියාම මට එයාගේ වෙන් වීමේ වේදනාව දරාගන්න බැරිවුණා. මම තාත්තාගෙන් දරුවව ඉල්ලුවා. ඊටපස්සෙ තමයි මම ඇයව අරගෙන ආවේ. මට මගේ මිනිබිරිගේ අනාගතය ගැන බයක් දැණුනා. ඒ නිසා මම ජීවිතය නැතිකරගන්න තීරණය කළා. මම ළඟම ෆාමසියෙන් නිදිපෙති ඇතුළු එන්නත් මිලදී ගත්තා. හෙදියක් ලෙස හැඳුනුම්පත් තිබූ නිසා මම ඒවා පෙන්නලා ගත්තෙ. පස්සෙ මම මිනිබිරියට ඒවා එන්නත් කළා...'
මේ 'ඛේදජනක' මරණය ගැන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක 'නිහාල් තල්දූව' කිවුවේ මෙහෙම කතාවක්.
'මේ දියණියගේ පියා සහ මව වෙන්වෙලා ඉන්නෙ. දරුවාගේ පියා දරුවව ඉල්ලා සිටිනවා. දරුවා කැමති නෑ පියා ළඟට යන්න. මේ මිත්තණිය සෞඛ්‍ය සේවයේ නියුතු කාන්තාවක්. නමුත් ඇයත් මේ විදිහට ම පෙති බීලා තියනවා සියදිවි හානිකරගැනීමේ අරමුණින්. කොහොම වුණත් ලිපියේ තෙරතුරු අනුව තහවුරු වෙනවා ඇය මනුෂ්‍ය ඝාතනයක් සිදු කරලා කියන එක.'
'ආදරය නිසා' හරි වෙන හෝ 'හේතුවක්' (ඒක ලෝබකමක් වුණත්..) නිසා හරි කාගේ හෝ 'ජීවිතයක්' උදුරා හරින්න තව කෙනෙක්ට 'අයිතිය' තියනවද?