gossip lanka

දේවදූතයන් සමඟ සන්නිවේදනය කළ හැකි කුමරියක් විවාහයට සූදානම්: අතගන්නේ මළවුන්ගෙන් නැඟිට පැමිණි අයෙක්!

නෝර්වේ කුමරිය වන මාර්තා ලුයිස් ඇගේ ඇමරිකානු සහකරුවා වන ෂාමන් ඩුරෙක් වෙරෙට් සමඟ ලබන ගිම්හානයේදී විවාහ වන බව යුවළ නිවේදනය කර තිබෙනවා.

මාර්තා කුමරියගේ පියා වන 5 වැනි හැරොල්ඩ් රජු, මාර්තා ලුවිස් කුමරියට සහ පෙම්වතා ඩුරේක් වෙරෙට්ට සුබ පතා ඇතැයි නෝර්වේ මාධ්‍ය වාර්තා පවසනවා.

අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වන ඩුරේක් වෙරෙට් අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන්නෙක්.

කුමරිය තම පෙම්වතා සමඟ සිදුකරන වෛද්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා පසුගිය වසරේ සිය රාජකීය රාජකාරි අත්හැරි බව වාර්තා වනවා.

තමන්ට දේව දූතයන් සමඟ සන්නිවේදනය කළ හැකි බව මාර්තා කුමරිය පවසන අතර, තමන් මළවුන්ගෙන් නැඟිට ඇති බවත්, එක්සත් ජනපදයේ 9/11 ප්‍රහාරය සිදු වීමට වසර දෙකකට පෙර අනාවැකි පළ කළ බවත් ඩුරේක් වෙරෙට්ට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මාර්තා ලුවීස් කුමරිය, 05 වැනි හැරොල්ඩ් රජුගේ වැඩිමල් දරුවා වන අතර 05 වැනි හැරොල්ඩ් රජුගෙන් පසු නෝර්වේ රජ කිරුළ හිමිවනු ඇත්තේ හැරොල්ඩ් රජුගේ පුතු හාකෝන් කුමරුටයි.
gossip lanka