gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම ප්‍රභාකරන්ගේ දුව ද්වාරකා යැයි කියාගන්නා කතක් එළියට!

සුදු කමිසයකින් සහ අඳුරු කලිසමකින් සැරසී ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ජනතාව සමඟ සමීපව ක්‍රියා කරමින් සිටින කාන්තාවක්, තමන් ඝාතනයට ලක් වූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා බව කියාගත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල පැතිර යනවා.

මෙම කාන්තාව ප්‍රදේශවාසීන්ට කතා කරමින් පවසන්නේ තමන් ප්‍රභාකරන්ගේ දියණිය බවයි.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ සමහර දෙමළ ජනතාව ඇයව හඳුනාගෙන ඇත්තේ 2014 දී තමිල්නාඩුවට ගොඩ බැස ඇති දෙමළ සරණාගත කාන්තාවක් වන උදයකලා ලෙසයි. ඇයගේ සැමියා K. Dhayabararaj වන අතර දරුවන් තිදෙනා සමඟ තොටුපළක නීතිවිරෝධී සරණාගතයින් ලෙස ජීවත් වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත්, පසුව ප්‍රාන්තයේ ප්‍රාදේශීය පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන දයාබරරාජ් තිරුචි විශේෂ කඳවුරේ රඳවාගෙන සිටින අතර උදයකලා සහ ඇගේ දරුවන් මණ්ඩපම් සරණාගත කඳවුරේ ලැගුම් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

උදයකලා, දරුවන් ඇතුළු ඇගේ පවුලේ අය සමග සමීප කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක නිරත වූවාය. පසුව දයාබගරාජ් ඔවුන් සමඟ මණ්ඩපම් කඳවුරට ගෙන ගිය බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, පසුව එම පවුල ශ්‍රී ලංකාවට පිටත්ව ගියා.

මහනුවර ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වන පෙරියකරුප්පන් පවසා ඇත්තේ මෙම කාන්තාව ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා බව මිනිසුන්ට පවසා ඇති බවයි. ඇය තමා ද්වාරකා යැයි කියමින් සර්ව මක්කල් ජනනායක කච්චි දේශපාලන පක්ෂයක් පවා ආරම්භ කළ බව ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, එම ව්‍යාපාරිකයා කියා සිටියේ ද්වාරකා ඝාතනය වූයේ යුද්ධයේදී බවත් වීඩියෝවේ සිටින කාන්තාව ද්වාරකා ලෙස ව්‍යාජව පෙනී සිටින ඇය උදයකලාට බොහෝ සේ සමාන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka