gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවසන් සටනට මහීෂ් තීක්ෂණ නැහැ - ඒ වෙනුවට සහන් ආරච්චිගේ

ආසියානු කුසලාන අවසන් මහා තරගයට ආබාධයට ලක් වූ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

පසුගිය දා පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගයේ දී දකුණු පාදයේ මස්පිඩුවල ආබාධයකට ලක් වූ මහීෂ් ඊයේ (15) දිනයේ දී ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර එහි දී ආබාධයේ තත්ත්වය සම්බන්ධයෙන් අනාවරණය කර ගනු ලැබුවා.

ඒ අනුව වෛද්‍ය උපදෙස් මත හෙට (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා කණ්ඩාම සහ ඉන්දියානු කණ්ඩායම අතර තරගයට තීක්ෂණ සහභාගි වන්නේ නැහැ.

තීක්ෂණ ව මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා තීක්ෂණ ට හැකියාව තිබෙනවා ද නැද්ද යන්න පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයක් ලැබී නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka