gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ආශාවරි' බෑන්ඩ් එකේ 'නාලක සර්' සීඅයිඩී අත්අඩංගුවට? පැමිණිල්ල දැම්මේ 'ඩ්‍රම්ස්' ගහපු සුද්දි?

'එච්චරයි බෑන්ඩ් එකක් හදලා වුණේ...' (මේ සංගීත කණ්ඩායම් නායකයෙක් එක්කෝ නියමුවෙක් කියන කතාව...)

'ආශාවරි' හැදුනේ පුංචි උන් කිහිප දෙනෙක්ගෙන්. බොහෝම 'කෙටි කාලයකින්' ආශාවරි ප්‍රසංග වේදිකාව හොල්ලන්න ගත්තට පස්සෙ බොහෝමයක් 'උනුන්' උන් වටා රොක් වුණා. (තවත් උන්ට ඒක ඉවසුම් නොදෙන තැනට ආවා...)

'ආශාවරි' කණ්ඩායමේ 'පළමු ඇවිලීම' වෙන්නෙ 'ඩ්‍රම්ස් වාදක' සුද්දි, සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සෙ. (සුද්දිගේ දෙමව්පියෝ මාධ්‍යයට කිවුවේ රුපියල් 2000ක සුලු මුදලක් පමණක් දීලා 'නාලක සර්' ළමයින්ට වද බන්ධන පමුණනවා කියලයි.)

'සුද්දි'ගේ දෙමව්පියෝ කරපු 'බරපතල' චෝදනා සහ විවේචන සියල්ලටත් උත්තර බඳින්න 'ආශාවරි' නිර්මාපක (ඔහු සිංහල ගුරුවරයෙක්) 'නාලක සර්'ට සිද්ධ වුණා.

අනතුරුව 'ඩ්‍රම්ස් සුද්දි' වෙනුවට 'සුද්දෙක්' (බොහෝම පුංචි පහේ එකෙක්) ඩ්‍රම්ස් වාදනය කරන්න පටන් ගත්තා.

'ආශාවරි' සංගීත කණ්ඩායමේ 'අත්වැරදීම්' හෝ 'අතපසුවීම්' ගැන වුණත් නිතරම සමාජ මාධ්‍යයේ පළවුණා. (ඒවායින් බොහෝමයක් ඇතුළේ ප්‍රේක්ෂකයින් වුණත් ඔවුන්ව විවේචනය කරලා තිබුණා...)

දිගින් දිගටම 'ප්‍රසංග වේදිකාව' ඇතුළේ 'විස්මකර්ම' කෙරුවාට පස්සෙ... දැන් නැවත වතාවක් 'ආශාවරි' කතා මවන්න අරන්.

ඒ ආසන්නතම කතාවට හේතුව 'සීඅයිඩී'යෙන් 'නාලක සර්'ට ලැබුණු කැඳවීම.

මේ 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට' ආපු 'නාලක සර්' මාධ්‍ය හමුවේ කිවුව දේවල්.

'ලස්සන සංගීත කණ්ඩායමක් හදපු වරද වෙන්නැති මාව ගෙන්නන්න ඇත්තෙ. (ලස්සන මැණික් කැට ටිකක්..) මම ඒක නිර්මාණය කරපු එක විතරයි කළේ. යම් තැනක එක වටිනා මැණිකගේ දෙමව්පියන්ගේ ප්‍රතිඵලය නිසා තමයි මම මෙතැනට ආවේ. (ඩ්‍රම්ස් වාදක සුද්දි) එයාගේ දෙමව්පියෝ එයාව අයින් කරගත්තා...'

'කොරෝනා කලේ මම මේක පටන් ගත්තේ. මුලු ලෝකේ ම නැවතිලා තියෙද්දි කොරෝනා වසංගතය අපි වසන්තයක් කරගත්තා. ළමයින්ගේ දෙමව්පියෝ කැමැත්තෙන් මට උදවු කළේ.'

'මම කරපු අපරාධය තමයි ආශාවරි හදපු එක. ඒගොල්ලො සංගීතය කරපු අයත් නෙවෙයි. බෑන්ඩ් අතරත් අවුලක් තියනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මට එන්න වුණේ මෙතැනට. (සීඅයිඩී එකට...) ඒ හැමෝටමත් තර්ජනයක් නිසා කූඨ උපක්‍රමවලින් තමයි මාව වට්ටන්න හදන්නෙ..'

'ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ගැන හොයලා බලන්න පුළුවන්. ඒගොල්ලො ඉස්කෝලෙ යනවා... 12යි ගාණට ෂෝ එක නවත්තනවා. ඒගොල්ලො ඉස්කෝලේ ගියා. මම සීඅයිඩී ගියා...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka