gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මේ සාරියට වයස අවුරුදු 15ක් විතර... ඒක අප්පච්චි සුවඳයි....'': අතීත මතක අතර තනිවුණු මාධවී (PHOTOS)

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස කාගෙත් ආදරය ආකර්ෂණය දිනූ ඇන්තනී පවුලේ වැඩිමලා, එහෙමත් නැත්නම් මාධවී සිය ෆේස්බුක් ගිණුමට අපූරු සේයා රූ කිහිපයක් එකතු කර තිබුණා.

ඇස් ඇද ගන්නා රතු පැහැයකින් යුක්ත සාරියකින් සැරසුණු ඇය, සේයා රූ එකතුවත් එක්කම අතීත මතක ආවර්ජනය කරමින් සටහනක් තියන්නත් අමතක කර තිබුණෙ නෑ.

''මේ සාරියට වයස අවුරුදු 15ක් විතර ඇති.

අප්පච්චි රට ගිහින් එනකොට ගේන තෑගි මොනවද බලන්න අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.

හැබැයි එයා හැමදාම බෑග් මලු පිරෙන්න හැමෝටම තෑගි ගෙනාවට එයාට කිසි දෙයක් ගන්නෙ නෑ.

ගෙනියන ඇඳුම් පවා එහෙ දාලා අපිට තෑගි ගේනවා.

චෙන්නයිවල චිත්‍රපට ශබ්ද සහ වර්ණ සංකලන වැඩ වලට ගියාම, අප්පච්චි දවසක් දෙකක් වෙන් කරගෙන සාරි වීථි වල ගාට ගාට අම්මටයි මටයි සාරි තෝරන් එන්නෙ බොහොම ආසාවෙන්. මේ සාරියත් ඒ විදිහට අප්පච්චි ඉන්දියාවෙන් ගෙනාපු එකක්.

මං ඔෆිස් යනකොට හුඟක් පාරක් ඇන්දත් අදටත් මම අඳින්න ආසම සාරියක්.

ඊයෙ ආයෙත් ඇන්දා

මොකද ඒක අප්පච්චි සුවඳයි ''

ඒත් එක්කම කසුන් - මාධවී දෙන්නත් එක්ක ඉන්න ආදරණීය ඡායාරූප කිහිපයකුත් ඒ අතර දැකගන්න ලැබුණා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka