gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඔයාලටත් පුළුවන් කුමාරි අක්කා එක්ක වනගත වෙන්න.. මේ බලන්න ජීවත් වෙන හැටි!': ඔලුව උදුම්මාගත් වරදද මේ? එදා යූටියුබ් හෙල්ලූ 'කුවේට් කුමාරි' අක්කාට අද අත්ව ඇති ඉරණම!

ඉන්දියාවේ 'රානු මොන්ඩාල්' වගේ ම ලංකාවේ 'කුවේට් කුමාරි' අක්කත් ජනප්‍රිය වෙන්නෙ එකම කාලවකවානුවක. (එතැන තිබුණු එකම වෙනස ඇත්තටම රානු මොන්ඩාල්ට ගායන හැකියාව තිබුණු එක....)

'රානු' හා සමානවම 'කුවේට් කුමාරි'ටත් අතිවිශාල පිළිගැනීමක් ලැබෙනවා. ඈ බොහෝම ඉහළකින් 'ඔසවන්න' ගත්තූ පාර්ශව කිහිපයක්ම ඈව 'මුදල් පරමාර්ථයෙන්' භාවිතා කරන්න ගන්නවා. ඉන් නොනැවතී ඈව 'ප්‍රසංග වේදිකාවට' නග්ගපු උනුන් ඈව දැක දැක (කොටින්ම ඈ වැරදියට ගයන ගීත පවා රහ බලන අතරේ...) අත්පොළසන් දෙන්න ගන්නවා.

රානු වගේම 'කුමාරි අක්කා'ත් 'ඔලුව උදුම්මගත්තා' කියන කතාව බොරුවකුත් නෙවෙයි.

ලංකාවට ආපු 'කුමාරි අක්කා'ට ඇගේ 'ජනප්‍රියත්වය' ලොකු ඉල්ලමක් වුණා. තමන්ගේ ගීත නොගැයීමේ 'හැකියාව' (එහෙම නැත්තම් ගොඩක් අය කියන විදිහට සිංදු කන එක, විනාශ කරන එක) හොඳ 'අලෙවියක්' බවත් ඈ දැනන් හිටියා.

ඈව මුළුමුනින්ම 'අලෙවි කරන්නට' යෙදුණු 'යූටියුබ්' නාලිකා බොහෝමයක් ඇගේ ජීවිත 'වතගොත' එකින් එක ප්‍රචාරය කරන්නට පටන් ගත්තා.

'ජනප්‍රියත්වය' මහා ඉහළින් ඇදහූව 'කුවේට් කුමාරි' අනතුරුව 'මුදල් නොමැතිව' වැඩසටහන් වලට 'පැමිණීම' පවා ප්‍රතික්ෂේප කළා. (හරියට රානු ඇගේ රසිකාවියක් හා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට අකැමැත්ත පළ කළා හා සමානව...)

'කුමාරි අක්කාව' බලාපොරොත්තුවෙන් හිටපු, ඈට 'අනුකම්පා' කරපු හුඟක් 'උත්තමයෝ' අනතුරුව ඈ එක්කලා තරහා ගත්තා.

දැන් කෝ කුමාරි අක්කා? දැන් කෝ රානු මොන්ඩාල්..?

මේ දෙන්නා ම ඉන්නෙ අතරමං වෙලා. (තමන්වම හොයාගන්න බැරි වුණු තැනක..) මොන්ඩාල් 'කැලෑවල' ඇවිදින අතරේ 'සරම් කොට' ගහගෙන විකාර රූපී 'ටික්ටොක්' වීඩියෝ කරනවා. කුමාරි අක්කත් ඊට 'නොදෙවනි' නෑ. ඇගෙත් එවැනිම වූ 'වීඩියෝ පටයක්' පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වුණා.

'රටවිරුවන්' නාමයෙන් 'කුවේට් අක්කාව' යොදාගෙන 'හරි හම්බ කරගත්' උනුන්ද මේ වෙනකොට 'කුමාරි අක්කාව' අමතක කර දමා අවසන්. (කොටින්ම අහම්බෙන් හෝ ඇගේ වීඩියෝවක් දැක්කා වුණත් නොදැක්කා වගේ යන්න අරන්...)

'අයියෝ යාලුවනේ මේ බලන්න ජීවත් වෙන හැටි. කාටවත් කරදරයක් නැතිව වනගත වෙලා ජීවත් වෙන එක කොච්චර හොඳද? ඔයාලටත් පුළුවන් වනගත වෙන්න. ඔයාලටත් පුළුවන් කුමාරි අක්කා එක්ක වනගත වෙන්න...' (මෑතක ඇය පළ කෙරූ වීඩියෝවක්...)

මොන දේ වුණත් 'කුමාරි අක්කලා'ත්... 'රානු' අක්කලත් අපි හැමෝටම බොහෝම ලස්සන පාඩම් ටිකක් කියලා දෙනවා. ඒක එහෙම තමයි... එච්චරයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka