gossip lanka

ඉන්දියාවට ජය : දුනිත්ගේ දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඉන්දියාව ජයග්‍රහණය කළා.

ඒ ලකුණු 41කින්.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 ක දී සියලු දෙනා දැවී ලකුණු 213ක් වාර්තා කළා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණයි.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් මෙන් ම පිත්තෙන් ද විශිෂ්ඨ දස්කම් දැක් වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වටිනා ලකුණු 42ක් රැස් කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා ලකුණු 41ක් ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 4ක් දවා ගත් චරිත් අසලංක ද වටිනා ලකුණු 22ක් රැස් කළා.

ඒ හැර අනිත් එකදු පිතිකරුවෙකුට අද දිනයේ තමන්ගේ වගකීම් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හරි හැටි ඉටු කරන්න ලැබුණේ නැහැ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ, අසීරුවෙන් ගොඩ නගා ගත් ඉන්දීය ඉනිමේ ලකුණු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙරට ආ ඉන්දීය පන්දු යවන්නන් ලෙස කුල්දීප් යාදව් කඩුලු 4ක් ද රවීද්‍ර ජඩේජා හා ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා තුන් ඉරියව්වෙන් ම ශ්‍රී ලංකාව දක්ෂතා දැක් වූ දුනිත් වෙල්ලාලගේ.
gossip lanka