gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මං බලාපොරොත්තු වෙනවා මට හොඳ සහකාරියක් හමුවෙයි කියලා..." - ශලා එක්ක හැදුණු කතාවල ඇත්ත නැත්ත ගැන කියන සචින්

ඔහුගේ රූපය තිරයට අලුත් වුණත් හරි ඉක්මනින් රසික රසිකාවින් වැළඳගත්තා.

රසිකයින් කෙසේවෙතත් රසිකාවියන්.

එක් නිර්මාණයකින් ඔහු ලද ආදරය ඉමහත්.

සචින් ලියන්ගේ... ඊටත් වඩා ඔහු සමීප නිර්වාන් කිව්වාම.

චරිතයට ඔහු කෙතරම් සාධාරණයක් කළාද කියනවා නම්, නිර්මාණයේ පෙම් යුවළ හැබෑ ලෝකයේත් එසේම බව දැනෙන්න තරම් සමීප රංගනයක් ඒක.

''සාමාන්‍යයෙන් ඕනෙම රටක කතාවක් යද්දි ඒ කතාවෙ ප්‍රධාන චරිත කතාවට විතරක් නෙවෙයි එළියෙදිත් ඒ විදිහට දකින්න තමයි ප්‍රේක්ෂකයො කැමැති.

හොලිවුඩ් ද බොලිවුඩ් ද ලංකාවෙ ද කියන එක ඒකට අදාළ නෑ.

ඒක එයාලගෙ වරදකුත් නෙවෙයි.

එයාල ඒ චරිත ඇත්තටම ජීවත් වෙනව කියල හිතලා රාමුවෙන් එළියෙදිත් ඒ විදිහට බලාපොරොත්තු වෙනවා.

ඒකයි ඩිරෙක්ටර්ස්ල නිර්මාණයක කෙමෙස්ට්‍රියක් හොයන්නෙ.

කෙමෙස්ට්‍රියක් වැඩ කරනව කියන්නෙ ඒක රියැලිටියක් වගේ වෙනවා.

ඒක තමයි මං හිතන්නෙ නිර්මාණයක ප්ලස් පොයින්ට් එක...''

සචින් දැන් පුංචි තිරයේ අහිංසක පෙම්වතා වෙලා ඉවරයි. පෙම්වතාගේ චරිතයට ඔහු ලබන ප්‍රතිචාරත් සෑහෙන්න...

''මට දැන් ආදරවන්තයාගෙන් වෙනත් චරිතයකට මාරු වෙන්න ඕන.

ෂාරුක් ඛාන් අදටත් ආදරවන්තයා වෙනව වගේ මගේ ඇතුළෙත් ආදරවන්තයා කැරැක්ටර් එක කවදාවත් එක්ස්පයර් වෙන එකක් නෑ.

මට ආසයි මෙතෙක් මං නොකරපු කැරැක්ටර් එකක් කරන්න.

වී ටීවී සීරීස් එකේ රවීන් කණිෂ්ක, ශලිනි වගේ කාස්ට් එකක් එක්ක මට මේන් විලන් කැරැක්ටර් එකක් ලැබුණා.

අපේ ආලින්දයේ ටෙලිවිෂන් එකටත් විලන් කෙනෙක් හරි ඒ වගේ වෙනස් කැරැක්ටර් එකකින් හරි එන්න ආසයි. අළු චරිතයක් නෙවෙයි මට ඕන කළු චරිතයක්...''

නළුවෙක් විදියට සචින්ට ආදරේ කරන සෑහෙන තරුණියන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඇත්තටම ඔහුට ආදරේ කරන්නත් චාන්ස් එකක් තියෙනවා ඔන්න.

මොකද මේ හැඩකාරයා තාම තනිකඩයි...

''ආදරය කියන්නෙ හරි ලස්සන හැඟීමක්.

මං හැමවෙලේම කියන දෙයක් තමයි හැඟීම් ගොඩක් එකතු වෙලා හැදෙන හැඟීමක් තමයි ආදරේ කියන්නේ.

දැනට නම් ආදරවන්තයෙක් නෙවෙයි.

මං බලාපොරොත්තු වෙනවා මට හොඳ සහකාරියක් හමුවෙයි කියලා...''

සචින්ට තියෙන්නෙ හිත් ඇදගන්න ලස්සන හිනාවක්. ගොඩක් ගෑනු ළමයි වශී වෙලා ඉන්නෙත් ඒ හිනාවටම වෙන්න ඕනි.

( උපුටා ගැනීම් රසඳුන - නාමලී ගමගේ )
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka