gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මං එන්න කිවුවා, නංගි බලලා යන්න කියලා... මං ආසයි ඒ දෙන්නයි ආරාධනයි එකට ඉන්නවා බලන්න" - ගයාන් කියන සංවේදී කතාව

ගයාන් වික්‍රමතිලක' සහ 'චතුරිකා පීරිස්' කියන්නෙ රංගන ක්ෂේත්‍රය ඇතුළත සහ ප්‍රේක්ෂකයින් බොහෝමයක් 'දෙනාගේ' අපහාසයට සහ අවමානයට ලක්වුණු 'යුවළක්' කිවුවොත් වැරදි නැහැ. (ඒකට ඒ දෙන්නාගේ පුද්ගලික ජීවිතේ යම් යම් සිදුවීම් හේතුවක් වුණා කිවුවොත් වැරදි නැහැ....)

ඒ වුණත්....

බොහෝම ඉක්මණින් (කාලයාගේ ඇවෑමෙන්) ඒ හැමදේම 'වෙනස් වෙන්න' පටන් ගන්නවා.

එදා දවසේ බොහෝමයක් 'උනුන්ගේ' විවේචනයට ලක්වුණු 'ඔවුන්' අද දවසේ ප්‍රේක්ෂකයින්ගේ වැඩිම ආදරය ලබන 'යුවළක්' බවට පත්වෙලා.

ඒ වුණත් 'ඉදහිට' හරි ගයාන්ගෙත් චතුරිකාගෙත් 'පැරණි කෝන්තර' කරළියට ඇවිත් යනවා. (ඒ සමහර අවමන් සහගත කමෙන්ටු ඔවුනුත් දකිනවා ඇති...)

'පළමු විවාහය' නිසාම ගයාන් කාලයක් තිස්සෙ සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝමයක් උනුන්ගේ 'තාඩන පීඩන'වලට ගොදුරු වුණා. (හැබැයි... ඒ හැම මොහොතකටම ඔහු හිතේ හයියෙන් මුහුණ දෙන්න ගන්නවා...)

'මගෙත් වැරදි තියෙන්නෙ ඇති. ඒ පැත්තෙත් වැරදි තියෙන්න ඇති. හැබැයි මම හිතනවා, ගැළපෙන් නැති අය ගහමහරාගෙන, ප්‍රශ්න ඇති කරගෙන, එකිනෙකා මරාගෙන ජීවත් වෙනවාට වඩා අයින් වෙන එක හොඳයි. එතැනදි හැඟීම්බර වෙන්න නරකයි. දරුවෝ ඒ දේවල් දකිනවා, කතා නොකර ඉන්නවා දකිනවා... ගහ මරාගන්නවා දකිනවා. එහෙම ජිවත් වෙලා වැඩක් නෑ. ඒකයි මම දේශපාලනයෙන් අයින් වෙන්න හේතුව. මම තව අවුරුදු 25ක් ජීවත් වෙයි. ඔය 25 ඇතුළේ මට රටක් ලෝකයක් වෙනස් කරන්න බෑ.'

ගයාන් තමන්ගේ දරුවන්ට 'යුතුකම් සහ වගකීම්' ඉෂ්ඨ සිද්ධ කරන බව ගයාන්ම කියනවා. (ඒ වුණත් පළිඳු වුණු තැන් පිළිසකර කරන එක අමාරුයි කියලත් ඔහු නොදන්නවා නෙවෙයි...)

'ගොඩක් අඩුයි. ඒකට සමහර වෙලාවට ඒගොල්ලො ඉන්න පරිසරයත් බලපානවා ඇති. ඒගොල්ලො වෙනුවෙන් මම මගේ යුතුකම් ඉෂ්ඨ කරගෙන යනවා, පුලුවන් විදිහට. එතනින් එහාට මම ඒගොල්ලොන්ට බලපෑම් කරන් නෑ. මම අවස්ථා කිහිපයකදී කතා කළා, එන්න නංගි බලලා යන්න කියලා. ලොකු කැමැත්තක් නෑ ඒකට.. මම ආසයි ඒ දෙන්නයි ආරාධනයි තුන්දෙනයි එකට ඉන්නවා බලන්න. තාත්තා කෙනෙක් හැටියට ආස වුණත් එතනට ගන්න අමාරුයි. ඒක සමහරක් විට එයාලා වැඩිහිටි වෙලා රස්සාවක් කරනකොට, තීරණයක් ගන්න පුළුවන්. අද ඒගොල්ලෝ ඉන්නෙ වෙන අය තීරණ ගන්න තැනකනේ.'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka