gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බොරු අනේ.. මම එහෙම දෙයක් කොහේවත් කියලත් නෑ..." - අනුෂා දමයන්ති කතා හදන අයට 'කනේ ඇඟිලි ගහගන්නම' කියයි

'අනුෂා දමයන්ති' කියන්නෙ රංගන ක්ෂේත්‍රයේ කවුරුත් දැන අඳුනන ශිල්පිනියක්. (තව අතකින් ඈ දක්ෂ නර්තන ශිල්පිනියක් කිවුවත් වැරදි නැහැ....)

අනුෂා කියන්නෙ 'දේශපාලනය' නිසාත් කාලයක් 'ප්‍රේක්ෂකයින්' එක්කලා 'හිත් අමනාපකම්' ඇති කරගත්තූ කෙනෙක්.

ඒ සමයේ 'රාජපක්ෂ' වෙනුවෙන් 'වේදිකාවට' නැග්ග අනුෂා අවස්ථා ගණනාවකදී 'ගිරිය යටින්' කෑ කෝ ගහන 'වීඩියෝ පට' එහෙමත් සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වුණා.

අනුෂාගේ ආදර කතාව බොහෝම ඉපැරණි එකක් වුණත්, ඇගේ 'විවාහයට' අනන්ත 'බාධක, වැටකඩුලු' එන්න ගන්නවා. (ඒ නිසාම ඇගේ විවාහය කල් යනවා...)

අවසානයේ ඇගේ 'සැමියා' ප්‍රකෝටිපතියෙක් කියලත් හැමෝම 'දැන කියා' ගන්නවා.

මේ දිනවල නැවත වතාවක් 'ටෙලි තිරයෙන්' ඔබේ විසිත්ත කාමරයේ 'සැරිසරන්න' හීන මවන අනුෂා, 'මව්පදවිය' ලබන්න සුදානමින් ඉන්නවා ය කියලා පුවතකුත් සමාජ මාධ්‍යයේ සැරසරනවා.

නමුත් ඒ කතාව 'බොරුවක්' කියලයි අනුෂා 'සතිඅන්ත' පුවත්පතක් සමඟ සාකච්ඡාවක් සිදු කරමින් සඳහන් කර තිබුණේ.

'බොරු අනේ. මම එහෙම දෙයක් කොහේවත් කියලත් නැහැ. ඕනේම විවාහක කාන්තාවක්ට ලබන්න පුළුවන් උතුම් පදවියක් නිසා අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි තවම නම් එහෙම දෙයක් නැහැ. අපි ජනප්‍රිය නිසා එක එක ගොසිප් හදනවනේ. ඕකත් එහෙම ගොසිප් එකක්.'

අවුරුදු 14ක් ගෙවෙනකන් ඒ 'ආදර කතාව' හංඟපු හැටිත් අනුෂා කියලා තිබුණා.

'මම නිළියක් නිසා මම හිතුවේ මගේ විවාහය පුදුම දෙයක් වෙන එක හොඳයි කියලා. හැබැයි අපේ ආදර කතාව අපේ පවුල් දෙක අතරෙ රහසක් වුණේ නැහැ. මට තහංචියක් තිබුණා විවාහය සිදුවෙනකම් තනියම එහේ මෙහේ යන්න බෑ කියලා අම්මා තාත්තා සහ මගෙ අයියලගෙන්. එයා ඒ දේවල් ගෞරවයෙන් පිළිගත්තා. ඇත්තටම විවාහය මම තුන්පාරක් කල් දැම්මා. මගේ රියැලිටි ෂෝ නිසා, කොවිඩ් නිසා ඒ හැමවෙලාවෙම අමිල හරිම ඉවසීමෙන් මගේ දිහා බලාගෙන හිටියා. අවුරුදු 14ක් ගියා කියලා අපි දෙන්නට දැනුනෙත් නැහැ.'

අනුෂා රණසිංහ සිළුමිණ පුවත්පත හා කළ සාකච්ඡාවක් ඇසුරිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka