gossip lanka

බිලිඳාට ජීවිතය දී ෆාහිමා වෛද්‍යවරිය අවසන් ගමන් යයි

රුධිර පීඩනය වැඩි වී විවේකීව නිවෙසේ සිටි මහනුවර රෝහලේ වෛද්‍යවරියක් හදිසියේ අසනීප වී අමාරු තත්ත්වයේ සිටි මාස දෙකක් වයසැති එම රෝහලේ 4වැනි වාට්ටුවේ නේවාසිකව සිටි බිලිඳෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ගොස් දරුවා සුවපත් කිරීමෙන් පසු මෙම වෛද්‍යවරියගේ රුධිර පීඩනය වැඩි වී මිය ගොස් තිබෙනවා.

දරුවා සිටි අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමෙන් පසු මෙම වෛද්‍යවරියගේ රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා ඇය එම රෝහලේම දැඩි ප්‍රතිකාර ඒක්කයට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් ඇයගේ රුධිර පීඩනය 200 ඉක්මවා තිබුණ බවයි රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ෆාහිමා සහබ්ඩීන් නමැති 53 හැවිරිදි මහනුවට අනිවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්.

අධ්ක රුධිර පීඩනය නිසා ඇයගේ හිසේ නහරයක් පුපුරා යෑමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය නිසා මෙම මරණය සිදු වී ඇති බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ.

විවේකීව සිටීමට වෛද්‍ය උපදෙස් ලබා තිබියදී මෙම රෝගි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඇය රෝහලට පැමිණ ඇති අතර රෝහල් බලධාරීන් පවසන්නේ ඇයගේ සේවා කාලය තුළ ඇය දිවා රෑ නොබලා වෙහෙස වී රෝගීන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ බවයි.
gossip lanka