gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක සිසුවියන්ව උගන්වන අතරේ අනවශ්‍ය ලෙස සිප වැළඳගන්නා ඉංග්‍රිසි ගුරාගේ අමුතු හැසිරීම

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුවියන් පිරිසක් අපහරණය කළ බවට එම පාසලේ ඉංග්‍රිසි ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

අදාළ සිසුවියන් ගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව මෙම පියවර ගත් බවයි, පොලීසිය පැවසුවේ.

කුරුණෑගල ළමා හා කාන්තා කාර්යාංශ විසින් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කුරුණෑගල නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ඉංග්‍රිසි ගුරුවරයෙක්.

මිට මාස කිහිපයකට පෙර, අදාළ ගුරුවරයා එම පාසලට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු ඉගැන්වීම් අතරතුර තමන් අනවශ්‍ය ලෙස සිප වැළඳගන්නා බවට එම පාසලේ ප්‍රාථමික අංශයේ සිසුවියන් ඔවුන්ගේ දෙමාපියන්ට පවසා තිබේ.

ඒ බව එම දෙමාපියන් අප කළ විමසීමකදීද තහවුරු කළා.

මේ සම්බන්ධයෙන් සිසුවියකගේ පියෙකු පොතුහැර පොලීසියට පසුගිය සිකුරාදා පැමිණිලි කර තිබු අතර, ඊයේ දිනයේදි මව්පියන් පිරිසක් එම පාසලට ද පැමිණ තිබුණා.

මව්පියන් සඳහන් කළේ, එහිදි විදුහල්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි .

නමුත් පසුව සිය රාජකාරියට මව්පියන් බාධා කළ බව පවසමින් විදුහල්පතිවරයා විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව මව්පියන් කිහිප දෙනෙකු කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණා.

කෙසේ වෙතත්, ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල ළමා හා කාන්තා කාර්යංශය විසින් මේ සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක්ද ආරම්භ කර තිබුණා.

එහිදි තමන් මුහුණ දුන් සිද්ධීන් සම්බන්ධයෙන් සිසුවියන් විසින් ප්‍රකාශ ලබා දි තිබු අතර, එම ප්‍රකාශවලට අනුව අදාළ ඉංග්‍රිසි ගුරුවරයා අත් අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තා.

ඔහු අද දිනයේදි අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka