gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තහනම මැදින් හොර ලේඛන හදා ගෙනා කෝටි 8ක වාහනය විකිණද්දී මාට්ටු!

නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර රේගු නිෂ්කාශන වාර්තා සහ ලියාපදිංචි කිරීමේ වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී ජීප් රථයක් ව්‍යාපාරිකයකු විසින් විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කුරුණෑගල නගර මධ්‍යයේ දී ඊයේ (12දා) සවස අත්අඩංගුවට ගෙන ඇත

කොළඹ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු විසින් අති සුඛෝපභෝගී ජීප් රථය නීති විරෝධී අන්දමින් මෙරටට ආනයනය කර ඇති අතර කුරුණෑගල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් එම ජීප් රථය විකිණීමට කටයුතු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ජීප් රථය මෙරටට ආනයනය කළ වෛද්‍යවරයා සහ කුරුණෑගල කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. වලාන දූෂණ මර්දන බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මාසයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකදී මෙම ජීප් රථය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එම ජීප් රථය ඉකුත් 2020 වර්ෂයේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබූ කාලසීමාවේදී ගෙන්වා ඇති බව හෙළි වී ඇත. රේගුව පවා නොමග යවා ජීප් රථය ආනයනය කර ඇති අතර ව්‍යාජ ලිපි ලේඛන සකස් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka