gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“හැමදේම දෙයියො දෙන් නැද්ද කියලත් හිතෙනවා! උත්සහ කරනවා” – දමිතා අබේරත්න හඬමින් කළ සංවේදී කතාව

දමිතා අබේරත්න කියන්නේ අපේ ටෙලි නාට්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙච්ච ආදරණීය කලාකාරිනියක්.

ඒ වගේම ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

පසුගිය කාලසීමාවේදී දමිතා පිළිබඳව නැවත වතාවක් ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

ඒකට හේතුව ඇය පසුගිය කාල සීමාවේ රට තුළ නිර්මාණය වූ අරගලයේ ප්‍රධාන සාමාජිකාවක් ලෙස කටයුතු කළ නිසයි.

ඉන් අනතුරුව දමිතා දේශපාලන වේදිකාවටත්  ගොඩ වුණා.

මේ කියන හේතු කාරණා රැසක් නිසාම බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච චරිතයක් බවට පසුගිය කාලසීමාව පුරාවටම ඇය පිළිබඳව කතා වෙන්න පටන් ගත්තා.

බොහෝ දෙනෙක් දන්නවා දමිතාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි ඇය විවාහ වුණේ යෞවන විය ඉක්මවා මැදි වියට ආවට පස්සෙ.

ඇයගේ කේන්දර තිබ්බලු ඇයට විවාහ ජීවිතයත් සාර්ථකව ගත කරන්න බැහැ කියන දේ.

නමුත් අද ඇය විවාහ ජීවිතය තුළ ගොඩක් සතුටින්.

හැබැයි ඇය පුංචි කාලේ නම් ආස කරනවා අම්මා කෙනෙක් වෙන්න.

විවාහ වෙලා වසර ගණනාවක් ගත ගණනාවක් ගත වුණත් තාමත් ඇයට ඒ සිහිනය ලඟා කරගන්න හැකියාව ලැබිලා නැහැ.

පුංචි තිරයේ හෝ සිනමා තිරයේ වරින් වර අම්මා කෙනෙක් වුණු ඈ, සැබෑ ජීවිතේ අම්මා කෙනෙක් වෙන්නෙ කවදාද? තනිකමක් දැනිලාම නැද්ද? ඒ අහපු ප්‍රශ්නයට ඈ සංවේදී වෙමින් මෙහෙම උත්තරයක් දීලා තිබුණා.

‘දරුවෙක් නැති එක ගොඩක් දැනෙනවා. ඒකට ගොඩක් උත්සාහත් කරනවා. ඇත්තම දේ නම්… අම්මා කෙනෙක් වෙන එක තමයි පුංචි කාලේ තිබ්බ ලොකුම ආසාව. ස්භාවිකව තාම දරුවෙක් ලැබුණේ නෑ. හැමදේම දෙයියෝ දෙන් නැද්ද කියලත් හිතෙනවා. ජනප්‍රියත්වය, ආදරය, හොඳ මහත්තයෙක් දෙයියෝ දීලා තියනවා. මං ආදරෙන් බලන් ඉන්නවා අම්මා කෙනෙක් වෙන්න. අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණොත් ජීවිතේ සම්පූර්ණයි. ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා….’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka