gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මගේ සුරංඟනාවි බේරෙන්න තිබුණා ඇඳක් ලැබුණා නම්” – දුවක් අහිමි කරගත් අම්මා කෙනෙකුගේ පෝස්ටුවට අකිල ධනුද්දර දැක්වූ ප්‍රතිචාරය

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි.

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා.

එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

මේ කෙසේවෙතත් ඇඳක් නොලැබීම ගැන කියමින් මවක් තැබූ සංවේදී සටහනකට ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අදාළ ප්‍රතිචාරයට කෝප වුණු බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අකිල ධනුද්දරට විරෝධය පළ කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වලටත් සටහන් එක්කොට තිබුණා.

මේ වන විට සමාජ මාධ්‍යයේ සිය දියණිය ගැන කියමින් සටහනක් එක් කළ මව, ඇගේ විරෝධය අකිල ධනුද්දරටත් මාධවී වත්සලාටත් සෘජුවම යොමු කරමින් ඔවුන්ගේ නම් ද පෝස්ටුව සඳහා අමුණා තිබුණා.



ඔයාලට වුවමනා තරම් විනෝද වෙන්න පුළුවන්. නමුත් අනෙක් අයට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ජැක්සන්ගේ මොළය මිය ගිහින් කියලා වෛද්‍යවරු කියලා තියෙද්දිත් තවමත් දින 500කට වඩා ඔහු දැඩි සත්කාරයේ ඉන්නවා. එතකොට අනිත් මැරෙන මිනිස්සු ගැන වගකීම කවුද භාර ගන්නෙ? මගේ දුවට අයිසීයූ ඇඳක් ලැබුණා නම් අනිවාර්යෙන්ම එයා බේරෙන්න තිබුණා. ඇය ඒ වෙනුවෙන් පැය 6ක් බලාගෙන හිටියා. නීතිය හැමෝටම සමාන විය යුතුයි. ජැක්සන් අයිසීයූ ඉන්නකොට එයාගේ දරුවෝ කසාද බඳින එක, උත්සව ගන්න එක, උපන්දින සමරන එක නතර කළේ නැහැ. එහෙනම් ඇයි අපි? අනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන එක නවත්වන්න… මගේ සුරංඟනාවි ඉන්නෙ දිව්‍ය ලෝකේ.. ඔයාලට සුදුසු රටක් නෙවෙයි මේක…’

ඒ නමුත් එම පෝස්ටුවට ප්‍රතිචාර දක්වමින් අකිල ධනුද්දර සඳහන් කර ඇත්තෙ මෙවැන්නක්,

‘ඔයා දන්නෙ කතාවෙ එක පැත්තක් විතරයි. පසුගාමී විදිහට බලන්නෙපා. ඔයා බොරුවක් පස්සෙ යනවා නම්, ඔව් ඔයා ඔයාගෙ මුළු ජීවිතේම විඳවයි. කණගාටුයි!’



කෙසේ වෙතත්, මෙම කමෙන්ටුව වෙතට මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමු ව තිබෙනවා.

බොහෝ දෙනෙක් අකිල ධනුද්දරගේ නම සඳහන් කරමින් සිය විරෝධය දක්වා ඇති අයුරුද දැකගත හැකිවුණා.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka