gossip lanka

LPL ප්‍රසාද ලකුණු අනුව අවසන් තරගවලට තෝරා ගැනුණු කණ්ඩායම්! දඹුල්ලට සහ ගාල්ලට එක් තරගයකින් අවසන් තරගයට යාමේ වරම්!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) තරග 20ක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් නිමා කිරීමට DAMBULLA AURA කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් තරග 08කට මුහුණදී ඉන් තරග 06ක් ජයගෙන තරග 02ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 12ක් ලබා සිටිනවා.

ඔවුන් සමගින් Qualifier-1 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගෝල් ටයිටන්ස් කණ්ඩායම හිමි කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනාගනිමිනි.

තරග 08කට මුහුණදී ඉන් තරග 04ක් ජයගෙන තරග 04ක් පරාජයට පත්ව ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් ලබා සිටිනවා.

මේ අනුව පෙනීයන්නේ දඹුල්ලට සහ ගාල්ලට එක් තරගයකින් අවසන් තරගයට යාමේ වරම් හිමිව ඇති බවයි.

කෙසේ වෙතත් තරග 18ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි B-Love Kandy කණ්ඩායම තරග 20ක් අවසානයේ තෙවැනි ස්ථානය දක්වා පහළට වැටුණි.

ඔවුන් තරග 08කට ක්‍රීඩා කර ඉන් තරග 04ක් ජයගෙන තරග 04ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 08ක් ලබා සිටිනවා.

මේ අතර තරගාවලියේ Qualifier වටය සඳහා අඛණ්ඩව සිව්වැනි වරටත් වරම් හිමි කරගත් JAFFNA KINGS කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටිනවා.

ඔවුන් තරග 08කට සහභාගී වී ඉන් තරග 03ක් ජයගෙන තරග 05ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 06ක්ද ලබා සිටින අතර, Eliminator තරගය සඳහා B-Love Kandy කණ්ඩායම සමගින් තරග කරනවා.

Eliminator තරගය පිලිමළුන් පිටුදැකීමේ තරගයක් වන අතර ඉන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.

කෙසේ වෙතත් Eliminator තරගය ජයගන්නා කණ්ඩායම Qualifier-1 තරගයේ පරාජයට පත්වූ කණ්ඩායම සමගින් Qualifier-2 තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අනුව පෙනීයන්නේ B-Love Kandy කණ්ඩායමට සහ JAFFNA KINGS කණ්ඩායමට තරගාවලියේ රැදී සිටීමට දෙවැනි අවස්ථාවක් හිමි නොවන බවයි.
gossip lanka