gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණ ක්‍රිඩිකාවන් 24ක් අභිබවා මුහුදු පිහිනුම් තරගයෙන් තුන්වන තැන දිනූ අත්තම්මා…

යාපනයේදී ඊයේ (17) සංවිධානය කර තිබූ කාන්තා පිහිණුම් තරගාවලියකදී වයස අවුරුදු 56 ක කාන්තාවක් මුහුදු සැතපුමක් දුර පීනා   තුන් වන ස්ථානයට පැමිණ තිබේ.
යාපනය වඩමරච්චි කාන්දීපන් ක්‍රීඩා සමාජය විසින් වඩමරච්චි මුහුදේ මෙම පිහිණුම් තරගාවලිය සංවිධානය කොට තිබූ අතර තරගාවලියේදී පලමු හා දෙවන ස්ථාන ලබා ගෙන ඇත්තේ  ඉතා අඩු වයස් වල ක්‍රීඩිකාවන්ය.
 
තරග ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් තුන් වන ස්ථානයට පත්ව ඇත්තේ ලාබල ක්‍රීඩිකාවන් රැසක් පරාජයට පත් කරමින්   දරුවන් හය දෙනෙකුගේ මවක්  හා මුණුබුරන් පස් දෙනෙකුගේ අත්තම්මා අම්මා කෙනෙකු වන එස්. සෙල්වරානී  නැමති 56 හැවිරිදි කාන්තාවය.

ඇයට තුන් වන ස්ථානයට හිමි ත්‍යාගය   ප්‍රදානය කරන ලද අවස්ථාවේදී පිහිණුම් තරගාවලිය නැරඹීමට ගොස් සිටි ජනකාය අතරින් විශාල පිරිසක් ඇයට  සිය පෞද්ගලික ධනයෙන් මුදල් ත්‍යාග පිරිනමා ඇත.

දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka