gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිංගික චෝදනා මැද මැතිසබා ගෘහපාලන සේවිකාවන්ට සාරිය අන්දයි

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම  සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී  දැනුම් දෙනු ලැබ ඇත.

එම අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් එල්ලවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන්
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ  සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය. ගෘහ පාලන අංශ ප්‍රධානීන්  එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත්  සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ  ඉන් අනතුරුව බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ නමුත් විවිධ අනුග්‍රහ ලබන සමහර සේවිකාවන් පමණක්  සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බව  එම  ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර  ගෘහ පාලකවරයා   වැඩ තහනම් කරනු ලැබ සිටී. ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින හෙයින් ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  මෙයට පෙර ප්‍රකාශ කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka