gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළදරුවන් ඝාතනය කළායැයි චෝදනා ලැබූ හෙදිය ජීවිතාන්තය දක්වා සිරගත කෙරේ!

දරුවන් හත් දෙනෙකු ඝාතනය කර තවත් හය දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අත්අඩංගුවට ගත් හෙද නිලධාරිනියක වන ලුසී ලෙඩ්බි ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණය නියම කර තිබෙනවා.

එවැනි ඝාතන ඉතා කුරිරු ක්‍රියාවක් බව දඬුවම් නියම කළ විනිසුරුවරයා ප්‍රකාශ කළ අතර, සිරදඬුවම් කාලය තුළ ඇයට කිසිදු අවස්ථාවක සමාවක් ලබා නොදෙන බවටද විනිසුරුවරයා විසින් නියෝගයක් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 මෙම ඝාතනයන් සිදුකළ ලුසී ලෙඩ්බි ඇයට දඬුවම් නියම කරන විට අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 එම නිසා මෙම තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් නියම කිරීමේදී අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය කළ යුතු බවයි.

 එම නීතිය වහාම වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

 ඒ සමගම එම හෙදියට නීති උපදෙස් ලබාදීමට නීතිඥවරුන් ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka