gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩ වල තියෙන මිල සඳහන් නැති බඩු සල්ලි නොදී අරන් යන්න අවසර!

වෙළෙඳසල් තුළ මිල ප්‍රදර්ශනය කර නොමැති සෑම භාණ්ඩයක්ම නොමිලේ ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

එම අධිකාරියේ නිලධාරින් පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් ගණනාවක පෙරේදා (14 වැනිදා) වැටලීම් සිදු කළ අතර එහිදී දක්නට ලැබී ඇත්තේ බහුතරයක් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකර තිබූ බවය.

එම නිසා මිල ප්‍රදර්ශනය කර ඇති භාණ්ඩ පමණක් මුදල් ගෙවා ලබාගෙන මිල ප්‍රදර්ශනය කර නොමැති සෑම භාණ්ඩයක්ම නොමිලේ ලබා ගන්නා ලෙස එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ජනතාවට දැනුම් දීමක් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ.

එහෙත් බහුතරයක් වෙළෙඳසල් හිමියන් එය කඩ කරමින් වෙළෙඳාමේ යෙදෙන අතර මිල ප්‍රදර්ශනය කර නොමැති සෑම භාණ්ඩයක්ම නොමිලේ ලබා ගන්නා ලෙසට ජනතාව දැනුවත් කර එය ක්‍රියාත්මක කිරීම හරහා බොහෝ දුරට මිල ප්‍රදර්ශනය කර අලෙවි කිරීමට වෙළෙඳුන් හුරු විය හැකි බව සභාපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මස දක්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලින් වැරැදිකරුවන් වූ 13,493 දෙනකුට රුපියල් කෝටි 13කට අධික මුදලක් දඩ ලෙස නියමකර තිබේ.

ඒ අතරින් ජුනි මාසය තුළ පමණක් සිදුකළ වැටලීම් ගණන 2,411කි.

ඉන් නඩු පැවරීම්වලින් වරදකරුවන් හට රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ හතළිස් එක්දහසක දඩ මුදලක් නියම කර ඇත.

මෙම වැටලීම් අතරින් වැඩි වශයෙන් සිදුකර ඇත්තේ බිත්තර, සහල් සහ ශරීරයට අහිතකර ආලේපන ඇතුළු සුවඳ විලවුන් සම්බන්ධ වැටලීම් වේ.

මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු නිර්ණායක කිහිපයක් යටතේ එම වැටලීම් සිදුකර තිබේ.

- චාමර පල්ලේගෙදර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka