gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කෙරෙති!

වීසා නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්  (අගෝ. 16) උදෑසන යළි මෙරටට එවා තිබේ.

මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටින අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බව ත් ඉතිරි පිරිස පොළොන්නරුව, මොනරාගල, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්කවල පදිංචිකරුවෝ වෙති.

මොවුන් තම ගිවිසුම්ගත රැකියා ස්ථානවලින් පළා ගොස් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථානවල වැඩි වැටුපකට රැකියාවල නිරත වී සිට පසුව ඔවුන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම, ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පවුල්වල ගැටලු මතු වීම, සිය වයස් සීමා ඉක්මවා යාම වැනි හේතු නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව, මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව ත් එම තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අධිකරණය සමග එක්ව කටයුතු කර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරටින් පිටුවහල් කර ඇත.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස (අගෝ. 16) උදෑසන 06.45 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබා දුන් ගමන් ගාස්තු රැගෙන මෙම පිරිස ගම්බිම් බලා පිටත්ව ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka