gossip lanka

ඌට ඒ මළමිනිය ඕනිලූ... ඒ කෙල්ලට ආසයිලූ…මචං…මළමිනියක් එක්ක ලිංගිකව එක් වුන තරුණයෙක් ගේ අමුතු ආශාව!

මිනිස්සු ඉන්නවා මේ ලෝකේ, තමන්ගේ හැඟීම් හරියට
කියන්න තියා තේරෙන්නෙවත් නැති..
ඒ නිසා අසරණ වෙන ඒ මිනිස්සු කරන්නෙ,
අප්‍රාණික දෙයක් තුරුළු කරගන්න එක..

එහෙම අය තමයි විටින් විට නීතියට කොටුවෙන්නෙ,
“අතවර කරපු එකෙක්” විදිහට…
තවත් උන් “යට ඇඳුම් හොරු” විදිහට..
තවත් උන් “බස් එකේ ජැක් ගහන උන්” විදිහට…

“සෙක්ස් එඩුයුකේෂන්” කියලා දෙයක් ඇත්තෙම
නැති රටක, තමන්ව අතපත ගාන්නෙ
“ආදරේට වෙන්නැති” කියලා හිටපු පුංචි කෙල්ලො
මේ ලංකාව ඇතුළේ ඉන්නවා.

තමන්ගේ ම තාත්තා එක්ක අඹුසැමියන් වගේ හැසිරෙන
“අසම්මත පෙම් කතා” මේ ලංකාව ඇතුළේ තියෙනවා.
ඒ සමහර කතා ඔබ විශ්වාස නොකළත්
පොලිස් පොත්වල ලියවිලා තියෙනවා.

තමන්ගෙ ම දරුවන්ව සුදු මහත්වරුන්ට විකුණන
අම්මලා අපේ මේ ලංකාව ඇතුළේ ඉන්නවා.

මේ කතාවත් ඒ විදිහේ වෙනස් ම කතාවක්.
අසම්මත, පිළිකුල් සහගත ආසාවක් තිබ්බ කොල්ලෙක් ගැන.

“මේ සිද්ධිය අවුරුදු ගාණක් පරණ කේස් එකක්.. ඒ කොල්ලා
දැන් කොහේ ඉන්නවද කියලා නම් දන් නෑ…
අපේ ගමේ මළගෙයක් වුණා. ලස්සනම ලස්සන කෙල්ලෙක් නැතිවුණේ..
කොටින්ම ඇහැ අයින් කරගන්න බැරි තරම් ලස්සන කෙල්ලෙක්..
කෙල්ලගේ අවසන් කටයුතු වුණාට පස්සෙ,
ඒ කියන්නෙ වළ දැම්මට පස්සෙ කට්ටියම ගියා..”

“හැබැයි අපිට ආරංචියක් ආවා, එතන පොඩි අවුලක් කියලා..
කොල්ලො සෙට් එක ගියා.. එතකොට වෙලාව රෑ 12 පහුවෙලා…
අපි හිතුවේ බලිතොවිලයක් කියලා. සාමාන්‍ය සමහර පූජාවලට
මීනි පෙට්ටි ගොඩ අරන් එක එක දේවල් කරනවා.
ඒකට ඕනිත් ළඟදි වළදාපු මිනී… ඕක සාමාන්‍යයෙන් ගම්වල
වෙන දෙයක්නේ.. අපි හිතුවෙත් එහෙම දෙයක් කියලා…”

“හැබැයි එතන වුණේ වෙන එකක්.. හිටියේ කොල්ලෙක්..
ඌ අර මිනී වල හාරනවා. මොකටද ඇහුවාම දුන්න උත්තරේ දන්නවද ?
ඌට ඒ මළමිනිය ඕනිලූ, ඒ කෙල්ලට ආසයිලූ…
මචං… ඌ ඒ කෙල්ලගේ කවුරුත් ම නෙවෙයි. අඩුම ඔන්න
කොල්ලවත් වුණා නම් අවුලක් නෑ.. එහෙමත් නෙවෙයි…
මූට ආසයිලූ මිනීවලට.. ඒවායින් එන ෆෝමලින් සුවඳට….”

“පස්සෙ අපි ඌව පොලිසියට අල්ලලා දුන්නා..
පොලිසියෙන් කිව්ව විදිහට පොර මෙන්ටලි අවුට් එකෙක්.
මරුජුවානා කුඩු එහෙම පාවිච්චි කරන එකෙක්..
අර විකෘතිය නිසා මිනිහට අමුතුම ආසාවල් එනවලූ.
හිතන්නකෝ ඌ තනියම ආවා කිව්වම මිනියක් ගොඩ දාන්න..
මූ කිව්වලූ මිනිය අරන් බදාගෙන ඉන්න විතරක් දෙන්න කියලා..”

“ඒක ඉතින් මිනිහගේ මානසික ලෙඩක්..
අපිට මොකුත් කියන්න බෑ.. කොහොම හරි මිනිහාව මම හිතන්නෙ,
පුනරුත්තාපනයකට යැව්වා කියලයි කිව්වේ.
පව් ඒ කොල්ලගේ අම්මලා එහෙම හරි හොඳ මිනිස්සු, අහිංසක මිනිස්සු..
මූ හින්දා ඒ මිනිස්සුත් ලැජ්ජ වුණා. ගමෙනුත් ගියා..”

“මට ඒ සිද්ධිය මතක් වෙද්දි නම් ඇඟ හිරිවැටෙනවා.”

(පසු සටහන – ප්‍රාණය නිරුද්ධ ශරීරවලට ආදරය කරන, ඒවා හා සංසර්ගයේ යෙදෙන්නට ප්‍රිය කරන පිරිස් ඉතිහාසයෙන් බොහෝ සොයා ගත හැකි අතර, ලොව භයානකම දාම ඝාතකයෙකු ලෙස සැළකෙන “ජෙෆ්” නම් සමලිංගික තරුණයා ද මෙසේ නිසල සිරුරුවලට ප්‍රිය කළ කෙනෙක්!)
gossip lanka