gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් 6 හැවිරිදි දරුවෙකුට සිය ජිවීතය අහිමි වෙයි

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් මල්කැකුළට දිවි අහිමි වූ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ අවුරුදු 6ක් වයසැති දරුවෙක්.

දරුවාගේ මව්පියන් චෝදනා කරන්නේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලු රැසකට මුහුණ පෑවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයෙන් පසුව බවයි.

කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි තෙනුජ සස්මිර නානායක්කාර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 9 වැනිදා යි.

ඒ දණහිසේ ඇතිව තිබූ ආබාධයකට සහ නිතර උණ රෝගය වැළඳීම හෙතුවෙන් දින 6ක් තිස්සේ පුංචි තෙනුජට රෝහලෙන් විවිධ ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් ලැබී තැහැ.

ඔහුගේ රෝගී තත්ත්වයද නිශ්චිතව හඳුනාගැනීමටද නොහැකි වූ බවයි මව්පියන් පවසන්නේ.

කෙසේ වෙතත් දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර හුස්ම ගැනීමේ රටාව අසාමාන්‍ය බව පවසමින් දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකර
යන්ත්‍රයකට සම්බන්ධ කිරීමටයි කටයුතු කර ඇත්තේ තෙසේ වෙතත් යළි සිහිය නොලද තෙනුජ අවාසනාවන්ත ලෙස දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

පසුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ පෙනහැල්ල හැකිලීමකටද ලක්ව තිබූ බවයි.

රෝගී තත්ත්වය උත්සන්න වූ දරුවාට වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ 3ක්ද ලබා දී ඇති බවයි මව්පියන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අප කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ දරුවා මිය ගොස් ඇත්තේ ක්ෂය රෝගය වැළදීමෙන් මිස දරුවාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් නොවන බවයි.

පුංචි තෙනුජගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට දින දේහය පිළිබඳ අවසන් කටයුතු දිප්පිටිගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රීලංකා වෛද්‍ය සභාව පනවන ලද වැඩ තහනම නොතකා සේවය කිරීම හේතුවෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මතයි දිනේෂ් ෂාෆ්ටර් මරණ පරීක්ෂණය ,රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ඉවත් කිරමෙන් පසු මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය ඇතුළු ආන්දෝලනාත්මක තීරණ ඇතුළත් මරණ පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබුණේ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරී රහුල් හක් විසින් වන අතර ඒ වනවිටත් ඔහු තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබූ බවයි හෙළි වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka