gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

LPL ශූරතාව බී ලව් කැන්ඩිට!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය.

ඒ අනුව,  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි පිල පන්දුවාර 19.5 කදී කඩුලු 5කට ලකුණු 151ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

දඹුල්ල අවුරා වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ක් ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය.

කුසල් පෙරේරා නොදැවී පන්දු 25කට ලකුණු 31 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී බී ලව් කැන්ඩි කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 25 කදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka