gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔයා අද ඉඳලා මගේ ළඟ නෑ කියන එක මතක් වෙද්දි එන දුක තරම් දුකක් නෑ පැටියෝ !.." හැරගිය හුරතලා ගැන, මදාරා කියන සංවේදී කතාව

''මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ දුක දරාගන්න මට ශක්තිය දෙන්න කියලා විතරයි!

හොද තැනක ඉන්න මගේ සුරංගනාවි! ''

හුරතල් සතෙක් ඇති කරන කවුරුත් සෑහෙන්න විඳවන තැනක් තමයි, එයාලා අපෙන් සදහටම ඈත් වෙලා යන්න යන දවස.

හීනෙකින්වත් හිතන්න අකමැති ඒ දවස අපි කාටත් පොදුයි.

ඒක තමයි සොබාදම් නීතිය.

එහෙම වෙන් වෙලා යන්න යන ජීවිත ගැන තබන කඳුළු සටහන් නිතරම වාගේ සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස ගැටෙනවා.

මේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි මදාරා සෙව්වන්දි ඇයව හැර ගිය හුරතලා ගැන තැබූ සටහන...

''මම මගේ ජීවිතේ වැඩියෙන්ම දුක් වුණ දවස අද!

ඒ වගේම මම අද මගේ ගෙදර හැමෝම මෙච්චර දුක් වෙනවා දැක්කමයි!

මගේ ජීවිතේ ගොඩක් දේවල් මට නැතිවෙලා තියනවා!

ඒ දේවල් මේකයි ජීවිතේ හැටි කියලා ශක්තිමත්ව තේරුම්ගත්තා!

ඒත් ඔයා අද ඉඳලා මගේ ළඟ නෑ කියන එක මතක් වෙද්දි එන දුක තරම් දුකක් නෑ පැටියෝ!

හැමදාම මගේ ළඟින් හිටියේ ඔයා!

ගෙදර අය කොහේ ගියත් ආරක්ෂකයෙක් ළඟ ඉන්න නිසා එයාලා බය නැතුව මාව ඔයා එක්ක දාලා ගියා!

මම කොළඹ ඉඳන් ගෙදර එද්දි, මම වැඩ ඉවරවෙලා ගෙදර එද්දි ඉස්සෙල්ලාම දුවන් එන්නේ ඔයා!

ඔයා ගෙදරට ගේන දවසේ චූටි පුළුන් බෝලයක් වගේ! ඒත් ඔයා ටිකෙන් ටික වයසට යද්දිත් මගේ හිතට පුදුම දුකක් ආවේ!

මගේ ජීවිතේ මට ආදරේ ලෝභ නැතුව දුන්න එකම කෙනා ඔයා!

වෙන කාටවත් ඒ තැනට එන්න බෑ! ඔයා මට දෙවියෝ දීපු ලොකුම තෑග්ග!

මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරේ ඔයාට! කරන්නෙත් ඔයාට....

ඔයා තරම් කාටවත්ම මට ආදරේ දෙන්න බැරිවෙයි !

මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ දුක දරාගන්න මට ශක්තිය දෙන්න කියලා විතරයි!

හොඳ තැනක ඉන්න මගේ සුරංගනාවි! ''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka