gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රඟපෑම නූගත් ශලනිත් ජීවිතේ ගොඩ දා ගත්තා නළු කලාවට පිං සිද්ධ වෙන්ට! ...අනෝමා ජනාදරී සහ ශලනි තාරකා ප්‍රසිද්ධියේ ඇවිලෙයි

අනෝමා ජනාදරී නැවතත් දෙබරයට ගල් ගැසුවා ය' (මේ සමයේ 'දූපත් අඩවියේ' එකෝමත් එක දවසක.... එසේ සිදුවිය....... ශලනි තාරකා නම් වූ 'යුවතියක්' දීග ගියාට පසු......)

'ජනාදරී' කියන්නෙ 'පුරාවෘත්තයක්' නොවුණා වුණත් අදටත් ඈට 'වෛර බඳින' උනුත් පිළිගන්න දෙයක් තියනවා. ඒ ඈ තරම්ම වුණු 'එකියක්' නැති බව... (කොටින්ම ඇගේ රංගනය ඇතු‌ළේ ඈ 'අතිවිශිෂ්ට' බව!)

'ශලනි'ගේ 'දීග යාම'ත් එක්ක හුඟක් උනුන්ගේ ඇහැ ගැටුණේ 'අනෝමා ජනාදරී'ගේ ෆේස්බුක් 'පෝස්ට්' එකක ට.

ජනාදරී ඒක ඇතුළේ ‌'දෙපාරක් නොහිතාම' ශලනිව තදින්ම විවේචනය කරලා තිබුණා. (ඒ 'විවේචනය' ඇගේ විවාහය අරබයාම කළ එකක් නෙවෙයි....)

මේක එහෙම් පිටින්ම ඔවුන් අතරම වුණූ 'ඉපැරණි සීතල යුද ගැටුමක්' කියලත් කෙනෙක්ට කියන්න බැරි නැහැ.

එහෙම වුණත් 'ජනාදරී' මේ දැනුත් 'තර්ක කරන්නෙ' ශලනිට 'රංගන හැකියාවක්' නැහැ කියන තැන ඉඳලයි. (කොටින්ම මේක ශලනිට ලැබුණු පොට්ට චාන්ස් එකක්.) 


'රඟපෑම නූගත් ෂලනිත් ජීවිතේ ගොඩ දා ගත්තා නළු කලාවට පිං සිද්ධ වෙන්ට!' (අනෝමා ජනාදරීගේ ෆේස්බුක් සටහන)



ඒත් 'ශලනි' වෙනුවෙන් හිටගත්ත උනුන් 'ජනාදරීගේ පෝස්ටුව' ඇතුළේ නිර්බයව කතා කරලා තිබුණා. (ඔවුන්ට අනුව ශලනි කියන්නෙ සුවිශේෂී නිළියක්, සහ ඒක එහෙම කියන්න ඔවුන්ට ඇති තරම් උදාහරණත් තියනවා!!)


'ඇයටත් හිතෙන්න ඕනේ නේද මම මේ ගැඹුරු විෂයේ අයනු ආයනු කියවිය යුතුයි කියලා...??' (ජනාදරීට අනුව 'ශලනි' කියන්නෙ රංගනයේ හැදැරීමකින් තොරව ආ ගමනක් මේක. එතකොට ඈ මෙතන කියන්නෙ 'කලාව' ඇතුළේ 'ශලනි'ට මොකක් හෝ 'පිනක්' පළදුන්නා කියලද?)


'අනේ ආන්ටි නිකම් ඉන්න ශලනි කියන්නෙ දක්ශ නිලියක්.එයාට දෙන ඕනෙම චරිතෙකට එයා සාධාරණයක් කලා.' (ඒ ශලනිගේ ප්‍රේක්ෂකයින් කියන කතාව....)

'ජනාදරී' කොහොමත් වර්තමානයේ 'ජනප්‍රියයි' කියන නළු නිළියන්ගෙ 'අඩුලුහුඬුකම්' ප්‍රසිද්ධියේ විවේචනයේ යෙදෙන කෙනෙක්. (දූපත්වාසීන්ට අනුව ඒක ඈ 'නොකළ යුත්තක්' වුණා වුණත් අදහස් දැක්වීමේ පුර්ණ අවසරය පිට ඈ මේ කරන්නෙ ඈට 'අයිති කාර්යයක්' වෙන්නත් පුළුවන්.....)

මොකද කාටවත් කියන්න බෑ 'අනෝමා ඔයාට රඟපාන්න බෑනේ' කියලා. නේද ?
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka