gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුන් රැගත් කේබල් කාරයක් මිටියාවතක අඩි 900ක් ඉහළින් සිර වෙයි

පාකිස්තානයේ මිටියාවතක අඩි 900ක් ඉහළින් ගමන් කරමින් තිබූ කේබල් රථයක් අනතුරට ලක් වීමෙන් පාසල් සිසුන් 6 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන සිදු වී ඇති මේ අනපේෂිත අනතුර හේතුවෙන් කේබල් රථයේ සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට පාකිස්තාන ගුවන් හමුදාව පැය දහයක් පුරා දුෂ්කර මෙහෙයුමක නිරතව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ගුවන් හමුදාවේ මෙහෙයුම් සෙබළුන්ට කේබල් රථයට ගොඩ බැසීම ද ඉතා දුෂ්කර වී ඇතැයි ද, මෙහෙයුම අතිශයින්ම අවදානම් සහගත බව ද එරට ගුවන් හමුදාවේ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ. කමාන්ඩෝ භටයකු කේබල් කාරය තුළට ගොඩ වීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කර ඇති අතර, සුළං තත්ත්වය හා කේබල් කාරය පැද්දීම හේතුවෙන් එය අසීරු වී ඇතැයි ද වාර්තා වේ.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල සහායට පාකිස්තාන යුද හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ද පිටත් කර යවා ඇතැයි එරට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

ආපදාවට ලක් වූ කේබල් කාරය මේ වනවිට තනි කේබලයකින් එල්ලෙන අතර, සුළං තත්ත්වය හේතුවෙන් පැද්දීමට පටන් ගැනීම නිසා එහි සිරවී සිටින පාසල් සිසුන් දැඩි භීතියට පත්ව ඇතැයි එහි සිටින ගුරුවරයකු සිය ජංගම දුරකතනය මගින් බලධාරීන්ට පණිවුඩ යවා ඇත. ඔවුන් දරුවන් සන්සුන් කරගැනීමට දැඩි උත්සාහයක නිතරව සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. ගුවන් හමුදා හෙලිකොප්ටරය මගින් කේබල් කාරය තුළ සිරවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය පානීය ජලය හා ආහාර මෙන්ම ඖෂධ වර්ග ද සැපයීමට කටයුතු කර තිබේ. සිරවී සිටින සිසුන් අවුරුදු 10 සිට අවුරුදු 16 දක්වා වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් එක් සිසුවකු හෘද රෝගියකු බව ද වාර්තා වේ. අධික භීතියට පත්වූ එම සිසුවා පැය දෙකක කාලයක් සිහිසුන්ව සිටි බව ද එම ගුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ භයානක සිදු වීමට මුහුණ පා සිටින සිසුන් හා ගුරුවරුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස පාකිස්තානයේ භාරකාර අගමැති අන්වර් උල් හක් හමුදාවට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර් 200ක පමණ දුරින් පිහිටි බට්ටග්‍රම් නමැති කඳුකර පළාතක ස්ථාපිත කර ඇති එම කේබල් රථ සංචාරය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka